IMG-LOGO

ගාලු මුවදොර විරෝධයට දින 24යි

(ඩයනා උදයංගනී) 

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්විය යුතු බවට බලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ ආරම්භ කර ඇති අඛණ්ඩ විරෝධතාවට අදට (2) දින 24 ක් සම්පූර්ණ විය.

දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ද එම ස්ථානයට පැමිණ සිටියහ.

ගිරිඋල්ලේ සිට පා ගමනින් පැමිණි ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ හිටපු නායක දිනිඳු සපරමාදු ඇතුළු පිරිසක් ද අද (2) උදෑසන අරගල භූමියට පැමිණ එම විරෝධතාවට එක්වූහ.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත් විය යුතු බව සඳහන් සටන් පාඨ ඇතුළු විවිධ සටන්පාඨ හා ජාතික ධජ රැගෙන සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අවට ද විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.

දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි සර්වාගමික නායකයන්, තරුණ තරුණියන්, සිවිල් ක්‍රියාකාරිකයන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, මාධ්‍යවේදීන්, ආබාධිත රණවිරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන්, විද්වතුන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිස් මෙම විරෝධතාවට එක්ව සිටිති.

කුඩා දරුවන් පවා රැගෙන ජනතාව මේ සඳහා එක්ව සිටින අතර විරෝධතාකරුවන් එහි පුස්තකාල, ප්‍රථමාධාර ඒකක, මාධ්‍ය ඒකක ආදියද ස්ථාපිත කර ඇත.

විරෝධතා භූමිය අසලින් වාහනවල ගමන් කරන පිරිස් රථවාහනවල නළා ශබ්ද කරමින් විරෝධතාකරුවන්ට සහාය පළ කරනු ද දක්නට ලැබිණි.



අදහස් (1)

ගාලු මුවදොර විරෝධයට දින 24යි

මැක්ස් Monday, 02 May 2022 11:04 PM

අපත් මේවට යනවා. නමුත් ඔය කියන ජන ගංගා නම් දකින්න නෑ. මාධ්‍යයටත් ⁣මේක හරි පොශ් වැඩක් නිසා තලු මර මර කමු. ටැමිල් ගාඩියන්ට ඕනෑ හැටියට බණ්ඩාරනායක පිළිරැවේ ඇස් වහන සිද්ධි, පාදිලි උන්නාන්සෙලා දෙමළ නිජභූමි ගැන බැනර් අල්ලීම වැනි දේ ද "අරගල භූමියේ" සිදු වන විට මාධ්‍ය ඒ නුදුටුවා සේ සිටින්නේ ජාතිවාදී ලේබලය ඇල වේ යැයි බියෙන් ද? ඉංගිරිසි පත්තර නම් කොහොමත් එහෙමනෙ. ඒත් ලංකාදීප?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 711 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1121 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site