(දිලංගා ගෝමස්)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ පසුගිය (4) දා විත්තිකරුවකු ඉලක්ක කර සිදු කරන ලද වෙඩි ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දී ගල්කිස්ස අධිකරණ සංකීර්ණ මුර පොලෙහි සේවයේ යොදවා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා ගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ ය.සිද්ධිය සිදු වූ අවස්ථාවේ දී අධිකරණයේ ආරක්ෂාවට සහා පිරිස පරික්ෂාවට කාන්තා පොලිස් නිලධාරිනියක ඇතුළුව පොලිසියේ තිදෙනෙකු යොදවා තිබී ඇත.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් පසුගිය 4 වන දින පස්වරු වෙඩි තැබීමක් සිදු වූ අතර එම වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදු නොවීය.
ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය ගේට්ටු වලට ස්වයංක්‍රීය ආරක්ෂිත උපකරණ යොදන්න .කොහෙද අපිට මතක තියෙන්නෙ දින හතයිනේෙඑසේම අධිකරණ අවට මීටර් 500 ක් තුලවත් යතුරු පැදි නැවැත්වීම තහනම් කරන්න
ආණ්ඩුවේ රැකියා නොගන්න තරමට කාටත් හොදයි. පොලීසියටත් වෙලාවකට දේශපාලකයො බලපෑම් කරනවා. ඉතින් ඒ අයටත් හිතාගන්න බෑ මොනව කරන්නද නැතිනම් නොකරන්නද කියලා.