IMG-LOGO

ගල්කිස්සේ වෙඩි තැබීමට ගිනි අවිය දුන් අය අත්අඩංගුවට

(ගයාන් සූරීය ආරච්චි)

ගල්කිස්ස සරණපාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ගිනි අවිය ලබාදුන් සැකකරුවෙකු බද්දේගම ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පෙදරේරු  රැකියාවේ නියුතු පුද්ගලයෙකි.

දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ  සංවිධානාත්මක අපරාධකරුවකු වන  බඩෝ විට අසංක සහ  කවිඳු ධනංජය නොහොත් සැන්ඩා නැමැති අපරාධකරුවන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනා  රත්මලාන  ප්‍රදේශයේ කුලී නිවසක රඳවාගෙන එම ඝාතනය සඳහා  ගිනි අවිය සහ යතුරුපැදිය ලබා දී  තවත් යතුරු පැදියකින් පැමිණ සැකකරුවන්ට මාර්ගය පෙන්වාදී ඇතිි බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝ විට අසංක සහ කොස් මල්ලි නැමති සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ. 



අදහස් (0)

ගල්කිස්සේ වෙඩි තැබීමට ගිනි අවිය දුන් අය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 195 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 704 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1104 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site