(ඉන්දිකා රාමනායක, නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා වහාම ඉවත් කරගන්නා ලෙස ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ රැඳී සිටින විරෝධතාකරුවන් වෙත පොලීසිය අද (3) පස්වරුවේ දැනුම් දී තිබේ.
අනිද්දා (5) පස්වරු 5.00 ට පෙර මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පියවර ගත යුතු බවත් කොටුව පොලිසිය මගින් විරෝධතාකරුවන්ට දැනුම් දී ඇත.
එසේම රටේ පවතින නීතියට අනුකූලව හා මහජනතාවට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් පොලිසිය නිවේදනය කර තිබේ.
මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පිරිස් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බවත් උද්ඝෝෂණකරුවන් වෙත පොලිසිය දැනුම් දී ඇත.
මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙස ද එහිදී පොලිසිය දැනුම් දී තිබේ.
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල අප්‍රේල් නම වන දා සිට විරෝධතාකරුවන් අඛණ්ඩව රැඳී සිටිනු ලැබීය.
(ඡායාරූප ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගෝල්ෆේස් අරගලකරුවන්ට පොලිසියෙන් රතු එළියක්
කිරි පුතා Wednesday, 03 August 2022 06:31 PM
අන්තවාදීන්ගෙන්, ත්‍රස්තවාදීන්ගෙන් කකා දැන් එතැන ස්ථිර පදිංචිය හදාගෙන නේද? අවට තියෙන වෙළඳසලකට ගැහැණු ළමයෙකුට යන්නත් බෑ. අසංවර මිනිසුන් නිසා. මේවා දැන් ඉවත්කළ යුතුයි. ඔය කළා මදැයි. ගිහින් හේනක් කුඹුරක් කරගන්න පුළුවන්නේ...
AnuraWednesday, 03 August 2022 06:51 PM
ගැහැණු ළමයෙක් ට තියා දැන් ගෙදර වැඩිහිට ගෑනු කෙනෙක්ටවත් කඩේකට යන්න බැහැ අදි උත්දමනය නිසා මිල ඉහල ගිය බඩු ගන්න හුඟ දෙනෙක්ට සල්ලි නැහැ , ඔයා කඩේ යන මහා හොරු ටිකගේ වැඩ නිසා තමයි
CiscoWednesday, 03 August 2022 07:45 PM
එතන කොහෙද කඩ තියෙන්නෙ? කඩේ යන්න ඇතිතරම් හැබැයි බොරැ දාන්න එපා.
Bamunuarachchi Wednesday, 03 August 2022 06:40 PM
දොස්තර ගොල්ලන්ට නිවාඩු දෙන්න. TV නාලිකාවල ප්‍රචාරය තහනම් කරන්න. කොනක ඉඳන් දෙන්න පටන් ගන්න. අපේ කිසිම විරුද්ධත්වයක් නැත...!
fairoosThursday, 04 August 2022 01:03 PM
බමුණාව බේරෙ වැවේ නාවන්න ඕනෙ කෙනෙක්... සර්ට දුවන්න ගැහුවට පස්සේ ආපහු කාර්යාලයට ඇවිල්ලා...
darman Wednesday, 03 August 2022 06:59 PM
අනිවාර්යයෙන් වියයුතු දෙයක්.මේක ඔය හොඳටම ඇති. රටේ නීතියට අනුව වැඩක් කරන්න පොල් පිත්තකට බැරි වුනාට දැන් පුළුවන්.
chandima Wednesday, 03 August 2022 07:02 PM
මුන් ගෝල්ෆේස් පිට්ටනිය වනසලනෙ. බලාගෙන අසූචි ගොඩවලුත් ඇති. සුද්ද කරද්දි පරිසමින්. ඒතැන වන කරල දාල
ruwan Wednesday, 03 August 2022 07:35 PM
ඕකුන්ව එලවලා දාන්න තව නළවන්නේ නැතුව.
Nihal Wednesday, 03 August 2022 07:48 PM
ගෝඨා ගියානේ දැන් බලල්ලු ලවා කොස් ඇට බාගත්තා. දැන් ඔබලා යන්න. බුරියානියි බටු තෙල් දාලයි එවන්න අය නෑ.
Prase Wednesday, 03 August 2022 08:56 PM
දැන් බුරියානී නෑ. අරගල කරුවන්ට කන්නත් නෑ අන්තවාදී ප්‍රතිපාධන නවත්වලා.
Dharma Wednesday, 03 August 2022 09:23 PM
ලෝකෙ ඉන්න සංචාරකයෝ ඉන්දියාවේ මුම්බායි වලට එනකොට යායට කිලෝමීටර ගනනක් පෙනෙන්නේ 'ධාරවි' මුඩුක්කු ජනපදය. ඒකෙන් එහෙට යන සංචාරකයෝ ඉන්දියාව ගැන මුලින්ම හදා ගන්නෙ වෙනමම ආකල්පයක. උන්ට යන්න තැනක් හරි පෙන්නන්ඩ ලස්සන රටක් නෑ කීව හැකි.අපේ මේ කුඩු කාරයෝ ටික එකතු වෙලා ඒ වැඩේම හේතුවක් නැතිව දිගටම මෙහෙ කලොත් වෙන්නෙ අගෝස්තු වලින් අපේ පටන් ගන්න සංචාරක සීසන් එක නැත්තටම නැති වෙන එක විතරයි.සමහර විට උන්ට ඕනත් ඒකම වෙන්ඩ ඇති...
Dharma Wednesday, 03 August 2022 09:51 PM
ලෝකෙ ඉන්න සංචාරකයෝ ඉන්දියාවේ මුම්බායි වලට එනකොට යායට කිලෝමීටර ගනනක් පෙනෙන්නේ 'ධාරවි' මුඩුක්කු ජනපදය. ඒකෙන් එහෙට යන සංචාරකයෝ ඉන්දියාව ගැන මුලින්ම හදා ගන්නෙ වෙනමම ආකල්පයක. උන්ට යන්න තැනක් හරි පෙන්නන්ඩ ලස්සන රටක් නෑ කීව හැකි.අපේ මේ කුඩු කාරයෝ ටික එකතු වෙලා ඒ වැඩේම හේතුවක් නැතිව දිගටම මෙහෙ කලොත් වෙන්නෙ අගෝස්තු වලින් අපේ පටන් ගන්න සංචාරක සීසන් එක නැත්තටම නැති වෙන එක විතරයි.සමහර විට උන්ට ඕනත් ඒකම වෙන්ඩ ඇති...
Dharmatileke Wednesday, 03 August 2022 10:37 PM
සංචාරකයින් නොඑන්නේ අරගලකරුවන් නිසා නෙවෙයි. ගුවන් තොටුපලේ එළියටම එනකොට පේන්නේ තුවක්කු කරේ එල්ලගෙන ඉන්නේ හමුදා භටයෝ. රට ප්‍රෙව්සම් නැති බව මේකෙන් තේරෙන්නේ...!
මෝ Thursday, 04 August 2022 04:13 AM
ශාහ්..එලවලු නියමෙට වවලනෙ.රනිල් මහත්තයා.මේ අරගල කරුවන්ට ඉඩංකෑලී කීපයක් ලබාදෙන්න.වවල හොදආදායමක් ගන්නත් පුලුවං පාරවල් ගානෙ නිකරුනේ චාටර් නොවී.
මැක්ස් Thursday, 04 August 2022 05:09 AM
ආදරයේ අරගලය යැයි වර නඟමින් රටත්, ජනතාවත් ගොනාට අන්දමින් කොළඹ මූලික නාස්තිකාර සහ සල්ලිකාර පැලැන්තිය විසින් විදුලිය, තෙල් ප්‍රශ්නය නිසා උන්ගේ සුඛෝපභෝගී ජීවිතවලට වූ බාධාව කරණ කොට ගෙන ඇරඹුවා වූ මේ කලබගෑනිය සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක්ම වූයේය. ජවිපෙය සහ පෙරටුවන් ඊට ත්‍රස්තවාදී බව ආරෝපනය කළ අතර ඉන්දියාවත්, බටහිරත් ඊට ආශිර්වාද කළෝය. සිංහල බෞද්ධ ඡන්දයෙන් මා බලයට පත් වූ බවට අදේශපාලනික කතාවක්, සිංහල බෞද්ධත්වයේ මුදුන්මල්කඩ වන් රැවන්වැලි සෑ රජුන් ඉදිරියේ ප්‍රකාශ කළ නිර්දේශපාලනික ජනාධිපති ගෙන් අවසානයේ උන් 2009 මැයි 18 පලිය ගත්තේය. පමා වී හෝ දැන්වත් මේ ගෝල්ෆේස් නාඩගම කෙළවර විය යුතුය. නැත්නම් රාජ්‍යය මැදිහත් වී අවසන් කළ යුතුය.
BT Thursday, 04 August 2022 09:59 AM
තව මාස කිහිපයක් එම ස්ථානයේ මොවුන්ට ලගින්නට ඉඩ දුන්නොත්, එම ස්ථානය වෙනම රාජ්‍යයක් යයි ඔවුන් ප්‍රකාශයට පත් කිරීමටද ඉඩ ඇත. එමෙන්ම වරාය නගරය සහ ඒ ආශ්‍රිත ආයෝජන නවත්වාගැනීමෙන් චීන විරෝධී රටවල අරමුණු ඉටු කරගැනීමට හැකි වනු ඇත. විවිධ රටවල් මොවුන්ව මුරුංගා ගසේ තැබීමට එයද හේතුවකි.
sharm warn Thursday, 04 August 2022 11:13 AM
මෙතන තියෙන අදහස් දැක්කම. . හිරිකිතයි..මෙච්චර පෙරේත ලොකෙන් තිරිසන් ලොකෙන් ආව එවුන් අපි අතර ඉන්නවද කියල.. සන්චාරකයන්ට තියා අපිට රස්සවට යන්න වහනයක් නැතුව අපි පයින් යන්න වෙලා.. සන්චරකයො එන්නෙ ලයිට් කපල ඉටිපන්දමෙන් ඉන්න., කන බොන දේවල් අස්ප ගනන් දිල කන්න, වහන නැතුව පයින් යන්න.. එහෙම ද හිතන් ඉන්නෙ? මෙ තරම් කුහක පටු අකල්ප තියෙන මිනිස්සු තමයි පහුගිය අවුරුඩු 50ක් තිස්සෙ මෙ රට විනශ කරන්න පාදඩ පලකයන් තෝරල බල්ලන්ව රජ කලෙ.. දැන් හෙලුවෙන් ඉදගෙනත් උඩගු කතා.. ලංකාව හරි ලස්සනට දියුනු වෙයි..
BamunuarachchiFriday, 05 August 2022 02:56 PM
මම මුකුත් කියන්නේ නැහැ.. දැනටම ඩිස්ලයික් 5ක් ලැබුණා. ඔබ ඉන්න තැන ඔබම තේරුම් ගන්න...