
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
නවගමුව තුන්අඳහේන අක්බාර් වත්ත ප්‍රදේශයේ ජලයෙන් පිරී තිබූ ගල් වලක ස්නානය කිරීමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අද සවස දියේ ගිලී මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කඩුවෙල කොරතොට , තුනඅදහේන ,ජයරත්න මාවතේ පදිංචි ආරච්චිගේ නදුන් ඉදුවර (12) සහ කනත්ත දේවගේ සඳුන් නිම්සර (15) හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු බව පොලිසිය කියයි.
පවතින වර්ෂාපතනයත් සමඟ තුන් අදහේන අක්බාර් වත්ත ප්‍රදේශයේ ගල් වළක ජලයෙන් පිරී තිබූ වළක ස්නානය කිරීම සඳහා (17) දා සවස පහට පමණ මෙම සිසුන් දෙදෙනා ගොස් තිබුණි.
එහෙත් ස්නානය කිරීම සඳහා ගිය ළමුන් දෙදෙනා ටික වේලාවක් යනතෙක් දක්නට නොතිබූ බැවින් ප්‍රදේශවාසීන් සමග ළමුන් දෙදෙනාගේ ඥාතීන් දරුවන් දෙදෙනා සොයා තිබුණි. එහෙත් දරුවන් දෙදෙනා දක්නට නොතිබූ බැවින් ප්‍රදේශවාසීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව ජලයෙන් පිරී තිබූ ගල්වලට බැස සොයා තිබූ අතර පසුව ඒ තුළ තිබී මියගිය දරු දෙදෙනාගේ මළ සිරුරු දෙක මෙසේ සොයා ගත් බව පොලිසිය කියයි .
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගල්වළේ නාන්න ගිය සිසුහු දෙදෙනා මරුට
රුවනි Tuesday, 18 October 2022 12:33 AM
අනේ හරිම දුකයි! තවත් රටේ අනාගත පරපුරට දායාද බඳු දරුවන් දෙදෙනෙකු අකාලයේ නැතිවෙලා! නිවන් සුව ලැබේවා!
චිරන්ත Tuesday, 18 October 2022 05:15 AM
ගල්වල ක්‍රියාත්මක එකක් නොවෙයි නම් එය ගොඩ නොකලේ ඇයි භූවිද්‍යා හ පතල් කාර්‍යාංශය එහෙම කරවන්නේ නැද්ද
Senarath Tuesday, 18 October 2022 12:47 PM
අවදානම් ස්ථානවල ස්නානය කිරීමට මේ තරම පෙළඹෙන්නේ මොකද?ඇත්තටම වැඩිහිටියන්ට වත් මේ ගැන දැනුමක් නැතිද?
de silva berlin Tuesday, 18 October 2022 01:25 PM
ලංකාවෙ වටෙටම මුහුද තිබුනත් ලංකාවෙ පුරවසියන්ගෙන් 65% පිහිනන්න බැහැ එකට හෙතුව , රලු මුහුඩක හෝ ගගක බැහැල පිහිනන්න පුරුදුවෙන්න බැහැ, ලන්කාවෙ පොදු ජනතාවගෙ භවිතය සඳහා පිහිනුම් තටාක අඩු බව , නෙලුම් කුලුනු හැදුව මුදලින් රටපුරා පිහිනුම් තටාක 200 හදල , දරුවන්ට පිහිනන්න පුරුදු කලා නම් මෙහෙම වෙන්නෙ නැහැ , මමත් පිහිනන්න පුරුදු වුනෙ ජර්මනියෙ පදිංචියට ආවට පස්සෙ, 90 දශකයෙ කොලම්බ ප්‍රදාන පාසල්වල සහ සල්ලිකාරයන් භාවිත කරන ක්‍රිඩා සමජ වල පිහිනුම් තටාක තිබුනට , පිට පලාත්වල ජිවත්වුන මද්යම පන්තික අපට පිහිනන්න ඉගෙන ගන්න පොදු පිහිනුම් තටාක තිබුනෙ නැහැ , දරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනය කරනව මෙව එදා ඉදන් රට කරපු දේශපාලකයන්ගෙ වරදි.