(නිමන්ති රණසිංහ)
බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා පොදු දේපල පනත ප්‍රකාරව අනර්ථයක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනී විජේබණ්ඩාර මහත්මිය අද (23) නියෝග කළාය.
ත්‍රස්වාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මාස තුනක රැදවුම් නියෝග මත ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ රදවා තබාගැනීමෙන් පසු ඉකුත් 18 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර හිමිනම නිතිපතිවරයාගේ උපදෙස් මත අද (23) ඇප මත මුදා හැරිමෙන් පසු මෙම සිද්ධියට කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ කාර්යාලය ඉදිරිපිටදී ඉකුත් ජුනි මස 10 වැනිදා විරෝධතා ව්‍යාපාරයක් සිදුකරමින් එම කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුවට රුපියල් දෙලක්ෂ තිස් දහසක අනර්ථයක් සිදුකර පොදු දේපල පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි තලංගම පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
ඒ අනුව මෙම සැකකාර හිමිනම පොදු දේපල පනත ප්‍රකාරව මෙන්ම අයුතු ජන රාශියක සාමාජිකයකු වෙමින් කටයුතු කර පොලිස් නිලධාරින්ගේ රාජකාරිය බාධා කළැයි චෝදනා 15ක් යටතේ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
2025 නොවැම්බර් මස 04
48
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගැල්වැව සිරිධම්ම හිමි රිමාන්ඩ්
chandima Wednesday, 23 November 2022 09:09 PM
පන්සලේ උන්නත් එකයි බන්ධනාගාරයේ උන්නත් එකයි .දෙපොලේම නොමිලේ ධානය ලැබෙනවා
විජේ Thursday, 24 November 2022 02:18 AM
මූනෙ තියන පිං පාට, රැසුත් විහිදෙනවද මන්දා..........
ලුම්බිණි Thursday, 24 November 2022 03:55 AM
රනිල්ට නම් දැන් හොඳටම පිස්සු වගේ.