(ආනන්ද ඉ. ජයකොඩි සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මහ රෑ ගෙල වැලලා ගත් බව කියන සිය පෙම්වතිය මිය ගොස් නැතැයි සිතා ඇගේ සිරුර මිතුරෙකු සමග යතුරු පැදියකින් රැගෙන යන අතරමගදී යතුරුපැදියේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් ඇගේ සිරුර ළඳු කැලෑවකට දමා වේයන්ගොඩ පොලිසියට ගිය බව කියන සිද්ධියක් අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් කස්තුරිරත්න මහතා ඉදිරියේ ඊයේ (19) පාන්දර කරන ලද මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක දී අනාවරණය විය.
වේයන්ගොඩ, දන්විලාන ප්‍රදේශයේ බෝඩිමක තනිව සිටි විසි හැවිරිදි තරුණියක වන ශෂිනි ගයත්‍රී නමැති තරුණියකගේ මෘතශරීරය පෙරේදා 18 රාත්‍රි උතුරු පින්නගොල්ල ළඳු කැලෑවක තිබී වේයන්ගොඩ පොලීසියට හමුවී ඇත.
මේ පිළිබඳව පොලීසිය ඊයේ (19) අලුයම 01 ට පමණ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් කස්තුරිරත්න මහතා විසින් පින්නගොල්ල ලඳු කැලෑවක තිබූ මළ සිරුර නිරීක්ෂණය කරනු ලැබීය. පොලීසියේ කරුණු දැක්වීම්වලින් අනාවරණය වූයේ මිය ගොස් ඇති තැනැත්තිය වතුපිටිවල රණවිරුගම ප්‍රදේශයේ ස්ථිරව පදිංචිව සිටි බවයි.
බිරිය හැර ගිය විවාහක තරුණයකු සමග මෙම තරුණිය ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් එම සම්බන්ධයට තරුණියගේ පාර්ශ්වයෙන් විරුද්ධ වී එම තරුණයාට පසුගියදාක පහර දී ඇති බවත් ඒ හේතුවෙන් තරුණිය වේයන්ගොඩ, දන්විලාන ප්‍රදේශයේ නිවසක බෝඩිම් කාමරයක නැවතී සිට ඇති බවත් අනාවරණය වූ බව පොලිසිය කියයි.
තරුණිය නැවතී සිටි වේයන්ගොඩ, දන්විලාන නිවෙසට ගොස් කරන ලද වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණය වූයේ තරුණිය තනිව වෙනම කාමරයක සිට ඇති බවත් තුන් වේලට ආහාර පෙම්වතා විසින් ගෙනැවිත් දෙනු ලැබ ඇති බවත්ය.
පෙරේදා (18) රාත්‍රි ආහාරයද පෙම්වතා ඇයට ගෙන විත් දී පිටව යාමෙන් පසු පෙම්වතා රාත්‍රි ඇයට දුරකතනයෙන් කතා කිරීමට උත්සාහ කර ඇති බවත් ඇය කතා නොකිරීම හේතුවෙන් මහ රෑ පෙම්වතා බෝඩිමට පැමිණ ඇති බවත් ඇය කතා නොකර කාමරයේ දොර වසා ගෙන සිට ඇති බවත් පොලිසිය කියයි.
පසුව ඔහු වහලයේ උළු ඉවත් කර බැලීමේදී ඇය ඇඳ ඇතිරිල්ලකින් ගෙල වැලගාගෙන සිටිනු දැක මිතුරෙකු ද ගෙන්වා ගෙන යතුරුපැදියක තබා ගෙන යද්දී පින්නගොල්ල ප්‍රදේශයේදී යතුරුපැදියේ ඉන්ධන අවසන් වී ඇති අතර සිද්ධිය ඔහුගේ මවට දුරකතනයෙන් දන්වා ඇති බවත් පසුව ඇගේ සිරුර එම ස්ථානයේ තබා මවගේ උපදෙස් පරිදි වේයන්ගොඩ පොලිසියට ගිය බවත් සැකකාර පෙම්වතා පොලිසියට ප්‍රකාශ කර ඇති බවත් මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණය විය.
සැකකාර පෙම්වතා වේයන්ගොඩ පොලිසියට යන විට තරුණිය නැවතී සිටි නිවෙසේ හිමිකරු සහ ඔහුගේ බිරිය පොලිසියට පැමිණ තරුණිය අතුරුදන් වී ඇති බවට පැමිණිලි කර පිටව ගොස් තිබීම හේතුවෙන් එම නිවැසින් හා සැකකාර පෙම්වතා ද පොලිසිය බාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකාර පෙම්වතා ද පින්නගොල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වේයන්ගොඩ පොලීසියට නියෝග කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළේය.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෙලවැල දා ගත් පෙම්වතිය රෝහලට ගෙන යද්දි ඉන්ධන ඉවර වේ
sharm warn Tuesday, 20 December 2022 08:45 AM
කොල්ල පව්.. කෙල්ලත් පව්.. ඇත්තටම විවාහයක් කියන්නෙ ලෝකෙට පේන්න ජයට උත්සවයක් අරගෙන ගෙවල් ඇතුලෙ මරා ගන්න එකද නැතිනම් හිතට එකඟව ජිවත් වෙන්න පුලුවන් පුද්ය එක්ක සතුටින් ජිවත් වෙන එකද? වැඩිහිටියන්ට ජිවිතයක වටිනාකම කියන්නෙ සමජය ඉස්සරහ පවා පෙන්වන ප්‍රතිරුපය නම්, කිසිම අදාලත්වයක් නැති දෙලොවටම වැඩක් නැති සම්ප්‍රදායයන් කර ගහගෙන දරුවන්ට මානසික වද හින්සා දීමෙන් අත් වෙන ඉරණම තමයි මෙ.. දරුවෙකුට දෙයක් තෙරුම් කරවන්න විදියක් තියනව. ඒ්කට තමයි මනෝවිද්‍යා උපදේශණය තියෙන්නෙ. උපදේශකයෙක් මැදිහත් කරගත්තනම් ... අද මේ කෙල්ල ජීවත් වෙනව.
උධුලී Tuesday, 20 December 2022 01:32 PM
දියණියනි ඔබට නිවන්සුව පතමු.
Dhammika Wednesday, 21 December 2022 02:11 PM
කසාද බැන්ද බිරිඳ දාලා ගිය එකෙක් කියන්නේ පුදුම මොළ කාරයෙක්.අනිවාර්යයෙන් මුන්ට ගෑනියෙක් පෙන්නන්න බැහැ.කසාද බැඳලා මනුස්සයා අත් ඇරලා ගිය ගහනුත් ඉන්නවා ඒ වගේ.මුන් සමාජයට වදයක්.පොඩි කෙල්ලෙක් මුට අහුඋනා කියන්නේ ඒ කෙල්ලගේ ඉරණම මේ විදියටම තමා ඉවර .වෙන්නේ.මේවා පිටින් පෙනෙන සිද්ධියට වඩා වෙනස් කතා.සමාජ ව්‍යසන