(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12වැනිදා සිට රාජකාරී කටයුතුවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබේ.
ගාල්ල මහ නගර සභාවෙන් පිටත දංගෙදර ප්‍රදේශයේ ස්ථාපිත කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍ය කරන මානව ,භෞතික, තාක්ෂණික සම්පත් මෙතෙක් ලබා නොදීම හේතුවෙන් කෝවිඩ් මර්දන කටයුතු අඩාල වීම හේතුවෙන්ඊට විරෝධය දැක්වීම සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.
ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට්මන් ද සිල්වා මහතාට එහි උප නගරාධිපති ෆවුස්නියාස් මහතා විසින්ඉකුත් මස23වැනි දින බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මතඑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මහ නගර සභාවෙන් පිටත දංගෙදර ප්‍රදේශයේ ස්ථාපිත කෙරිණි.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතට සහ අදාල වගකිවයුත්තන් වෙත ද පිටපත් එම ලිපියේ යොමුකර ඇත.
මෙම ලිපියේ තවදුරටත් සඳහන් වන්නේමුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවල පීසීආර් පරීක්ෂණ අඩාල වීම හේතුවෙන් ඔවුන් රෝග වාහකයන් බව සලකා සෙසු ජනයා මොවුන්ගේ ව්‍යාපාරවලින් භාණ්ඩ ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බවත්, ඒ හේතුවෙන් එය ජාතිවාදීතත්ත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව ත්ය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගාල්ලේ වෛද්‍යවරු 12වැනිදා වර්ජනයකට සැරසෙති
Dimali Sunday, 10 January 2021 08:36 AM
හොඳ වැඩක්.
Rata Perata Sunday, 10 January 2021 08:48 AM
ගාල්ල විතරක් නොවෙයි මුළු රටේම හැම අංශයක්ම වර්ජනය කරන්න ඕන, මේ රට පාලනය කරන අමන විදිය දැක්කම.