IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගාල්ලට නැව් නාවත් වැටුප්-අතිකාල ලබන සේවක පිරිසක්

(යොහාන් භාසුර)

ගාල්ල වරායට වසර කීපයකින් නෞකාවක් පැමිණ නොතිබුන ද නෞකා සම්බන්ධයෙන් රාජකාරි කරන බව පවසමින් එම වරාය යටතේ සේවකයන් සියයකට ආසන්න සංඛ්‍යාවක් වැටුප් සහ අතිකාල දීමනා ලෙස රුපියල් මිලියන ගණනක් ලබන බව එම වරායේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සේවකයන් පිරිසට වැටුප් සහ අතිකාල දීමනා ලෙස මසකට රුපියල් මිලියන ගණනක මුදලක් නිකරුනේ ගෙවීමට වරාය අධිකාරියට සිදුවී ඇති බව ගාල්ල වරායේ එම උසස් නිලධාරියා කීය.

අදාල සේවකයන් පිරිස කණ්ඩායම් දෙකක් ලෙස සේවයට වාර්තා කර අතිකාල දීමනා ද ලබන බවත් එම වරායේ සිසු සේවකයන් පැමිණීම සටහන් කිරීමට ඇඟිලි සලකුණ යෙදුව ද මෙම සේවකයන් පිරිස පැමිණීමේ පොතක අත්සන යෙදීම පමණක් කරන බව ද එම නිලධාරියා කීය.

මෙම සේවකයන් පිරිසෙන් ඇතමෙක් වරාය තුළ සුළු සුළු රාජකාරි කර කාලය ගතකර අතිකාල ද අනුමත කරගෙන පිටව යන බවත් තවත් සේවකයන් පිරිසක් පැමිණීමේ ලේඛනය අත්සන යොදා නිවෙස් බලා පිටව යන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මෙම සේවකයන්ට ගෙවනු ලබන වැටුප සහ අතිකාල දීමනාවට සමාන සේවයක් ලබා ගැනීම සඳහා ඔවුන් වෙනත් වරායන්ට මාරු කිරීමට උත්සාහ කළ ද ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකුගේ මැදිහත් වීමෙන් එම උත්සාහය නතර වෙන බව කී එම උසස් නිලධාරියා මේ ආකාරයට වරාය අධිකාරිය නිකරුනේ වැටුප් සහ අතිකාල දීමනා ලෙස විශාල මුදලක් ගෙවීම ජාතික අපරාධයක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (6)

ගාල්ලට නැව් නාවත් වැටුප්-අතිකාල ලබන සේවක පිරිසක්

Shashika519 Thursday, 22 December 2022 01:24 PM

මීළඟ අගමැති වජිර අබේවර්ධන...!

:       12       9

සමන්ත Thursday, 22 December 2022 04:08 PM

ගාල්ලේ ප්‍රභලයෙක් නම් දැනට සිටින ඇමති පතිරණ වෙන්න බැරිද

:       1       8

Rex Thursday, 22 December 2022 02:02 PM

ඒ් උනාට හදිස්සියෙවත් නැවක් ආවොත් කට්ටිය ඉන්න එපැයි . ඔයාලනම් කියයි

:       4       14

Ruwan R Thursday, 22 December 2022 02:14 PM

මේ වගේ බ්‍රොයිලර් ෆාම් රටපුරා රජයේ ආයතනවල තියෙනවා. 5 දෙනෙක් එන්නේ නැති රැස්වීමට 100-1000 ගණන් සෙනඟ පෙන්නන්නේ මේ ගොල්ලෝ අරන් ගිහින් තමයි. රට කනවා.

:       0       25

Perera Thursday, 22 December 2022 09:45 PM

ජනමතයක් නැතුව ජනපති වෙන්න පුලුවන් රටක වැඩ නැතුව අතිකාල ගන්න එක වැරඩිද?????

:       1       4

arschfikaa Thursday, 22 December 2022 11:35 PM

ඉතින් ඔය නිකන් පඩි ගන්න එවුන් සේරමලාම ගාල්ලේ සිංහල සුරුට්ටුවන් නේද?ඉතින් ලංකාවේම මුස්ලිම් අය වැඩිපුර ඉන්න ගාල්ලෙන් කිසිම මුස්ලිම් අධිකාරිවරයෙක් ඇයි තොපිලා අද වෙනතුරු පත් නොකළේ?

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 501 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site