IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ග්ලෝබල් විෂන් පදනමෙන් සූරියවැව අඩු ආදායම් ලාභී ගැබිනි මවුවරුන් 500කට පෝෂණ මලු

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී ගැබිනි මවුවරුන් 2000කට පෝෂ්‍යදායී ආහාර මලු පිරිනැමීමේ අරමුණින් Global Vision Foundation  විසින් සංවිධානය කරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සූරියවැව ප්‍රදේශයේ ගම්මානවල ගැබිනි මවුවරුන් 500කට පෝෂණ මලු පිරිනැමීමේ වැඩසටහන පසුගියදා සූරියවැව නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

Global Vision Foundation  (සුනිල් ගමගේ පදනම) සභාපති හා ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් සුනිල් ගමගේ මහතාගේ සංවිධායකත්වයෙන් සහ ජපානයේ Tex Technology Incorporation  සභාපති Tetsuro Yoshida  මහතාගේ අනුග්‍රහයෙන් පැවැති මෙම ගැබිනි මවුවරුන්ට පෝෂ්‍යදායී ආහාර මලු පිරිනැමීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ජපානයේ හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී Matsushita Shinpei  මහතාය. එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරිපාලන හා සෞඛ්‍ය නිලධාරීහු රැසක් සහ ජපන් තානාපති කාර්යාලයේ විධායක නිලධාරීහුද මෙම වැඩසටහනට සහභාගි වූහ.

 හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරිද්‍රතාව තුරන් කිරීමේ සහ ගැබිනි මවුවරුන්ගේ හා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. මෙවන් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ද ක්‍රියාත්මක කිරීමට Global Vision Foundation අපේක්ෂා කරයි. ඒ සඳහා ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතන රැසක සහයෝගය ලැබීමට නියමිතය.

595



අදහස් (1)

ග්ලෝබල් විෂන් පදනමෙන් සූරියවැව අඩු ආදායම් ලාභී ගැබිනි මවුවරුන් 500කට පෝෂණ මලු

Hira Tuesday, 24 January 2023 09:33 AM

පෝෂණ මලු දීල අාගම ජතිය වෙනස් කරන්න හදයි. NGO කාරයො ලන්කාවට කෙලවෙල තියෙන එකෙන් උපරිම ප්‍රයොජන ගන්නව මේ ඩවස් වල. රැවටෙන්න එපා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෝකියාට පහරදී ඝාතනය කරලා
2025 මැයි මස 15 15 0

ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 186 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


තැනින් තැනට අදත් වැස්ස
2025 මැයි මස 15 62 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්?
2025 මැයි මස 15 445 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද


සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී
2025 මැයි මස 15 570 0

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.


අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 1613 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1470 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site