IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගුරු ඇඳුම වෙනස් නොකළ යුතුයි

(ඩයනා උදයංගනී)

රාජකාරියට පැමිණීමේදී සුදුසු පහසු ඇදුමක් ඇඳීමේ අවස්ථාව ගුරුවරියන්ටත් ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණ ද එය ගුරුවරියන්ට නොගැළපෙන බව නුගේගොඩ නාලාන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ පැවසූහ.

රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි පරිදි රාජ්‍ය  පරිපාලන අමාත්‍යාංශය ඉකුත් සැප්තැම්බර් 27 දින නිකුත් කර ඇති චක්‍රලේඛනය ගුරුවරුන්ට අදාළ නොවිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

මෙරට චිරකාලීන බෞද්ධ සංස්කෘතික උරුමය තුළ භික්ෂුන් වහන්සේලා, හමුදා නිලධාරීන්, පාසල් ගුරුවරුන්, සිසු සිසුවියන් ආදී ක්ෂේත්‍රයන්හි පිරිස්වලට අනන්‍යතාව විදහාපාන නිල ඇදුමක් පවතින බවත්, විවිධ පාර්ශවවල අභිමතය පරිදි එය වෙනස් කළ නොහැකි බවත් උන්වහන්සේ කීහ.

තිනියාවල පාලිත  හිමියන් මේ බව සඳහන් කළේ ජෝෂප් ස්ටාර්ලින් මහතා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



අදහස් (21)

ගුරු ඇඳුම වෙනස් නොකළ යුතුයි

නිහාල් Thursday, 03 November 2022 04:37 PM

පූජා කරන අටපිරිකර නැවත වෙළෙඳසල් වලට විකිණීම නොකළ යුතුයි

:       126       60

chandanaThursday, 03 November 2022 08:54 PM

නිහාල් කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ අන්දමන්ද වෙලා.

:       20       74

lal Thursday, 03 November 2022 05:40 PM

world is changing ... culture must change too

:       21       14

ABFriday, 04 November 2022 12:44 AM

සිසු සිසුවියන් අනන්‍යතාව විදහාපාන නිල ඇදුමක් පවතින බවත්, විවිධ පාර්ශවවල අභිමතය පරිදි එය කෙසේවත් වෙනස් නොකලයුතුවනුයේ දැනට පවතින සුදු ඇදුම වෙනුවට කැමති ඕනෑම වර්ගයක uniforms අවසර ලැබුනහොත් සමාජයේ පාසල් සිසුවා කවුරුන්ද යන්න පහසුවෙන් හදුනාගැනීමට තිබෙන්වූ නොහැකියාවය. පාසල් uniforms නිසා හදුනාගැනීමට තිබෙනාවූ පහසුව නිසා දරුවන් ඔවුන් විසින්ම සහ සමාජය විසින්ම පාසල් දරුවන් යම් පාලනයකට නතුව තිබේ. සමාජය තුල සිදුවන බොහෝ අකටයුතු / දුෂිත කටයුතු සදහා පාසල් සිසුන් පහසුවෙන් යොදාගැනීමට තිබෙන අවස්ථවන් පාසල් uniforms ඉවත් කල හොත් සිදුවීමට නියමිතව තිබේ.

:       0       55

Hirun Thursday, 03 November 2022 05:54 PM

වේල් දෙක කාල කට පියාගෙන ඉන්න.ඒ මිනිස්සුන්ට අපහසු හින්දනෙ පහසු ඇඳුමක් ඉල්ලන්නෙ හෙලුවෙන් යන්න නෙවෙයි.මේ රටේ ප්‍රශ්න විසඳන්නෙ වෘත්තිකයො නෙවෙයි පූජකයො.

:       91       23

Sajeevanie Thursday, 03 November 2022 06:00 PM

ඇත්තටම ගුරුවරියන්ට සුදුසුම ඇදුම නම් ඔසරිය තමයි ඒක ඇන්දාම ඕනම කාන්තාවක් අමුතුම ලස්සනක් ගන්නවා යෝජනාව කල තැනැත්තා දේශීය සංකෘතියේ විනාශය දකින්න කැමති අයෙක් කියලා හිතෙනවා.

:       21       35

KumaraFriday, 04 November 2022 12:00 AM

දැන් වැඩි දෙනා අදින විදියට බඩ, පපුව, පිට, බුරිය සේරම ‌පේන විදියට ඔසරිය ඇන්දම දේශීය සංස්කෘතිය අපූරුවට රැකෙනවා. විකාර!

:       34       3

de silva Thursday, 03 November 2022 06:06 PM

ඇඳුමට ප්‍රථම වහාම මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුය. පන්තිකාමර වල ගුරුවරියන් සාරිය ඇඳීම කළ යුතුය. එමගින් ගුරුවරියන්ට ගෞරවයක් ලැබෙනවා. ගුරුවරියෝ එක එක කොට ඇඳුම් ඇදන් පාසල් ආවොත් වෙන ප්‍රශ්න ඇති වෙයි. ක්‍රීඩා පුහුණු සහ වෙනත් විශේෂ අවස්ථාවල පහසු ඇඳුමක් ඇන්දට කමක් නැහැ.

:       18       138

Naveen Thursday, 03 November 2022 06:16 PM

ඔබවහන්සෙල හරි බයේ නේද ඉන්නෙ ම්නිස්සු දානෙ නොදෙයි කියල.සැරියුත් මුගලන් පරම්පරාවෙ කියල මෝඩයින්ව අන්දනවා.

:       79       20

gampila Thursday, 03 November 2022 06:24 PM

අනුන්ගේ ඇඳුම්වලට වැඩිය තමන්ගේ දූෂණ ගැන කතාකරමුද?

:       46       22

බුද්ධ පුත්‍ර Thursday, 03 November 2022 08:05 PM

ප්‍රාඩෝ වල ගමන් නොයා බුදුන් වදාළ ලෙසින් පා ගමනින් වැඩම කල යුතුය.

:       50       22

ranjith Thursday, 03 November 2022 08:16 PM

කාන්තාවන් වීම නිසා ඔවුන්ට දැඩි නීති පනවන එක සුදුසු නෑ. මේ ව්‍යසන කාලයේ සමහරු පාපැදිවලින් එහෙමත් නැත්නම් යතුරු පැදියෙන් පාසල් එනවා. ඒ නිසා තමන්ට පහසු පාසලට ගැළපෙන ඇඳුමක් ඇන්දට වරදක් නැහැ නේද හාමුදුරුවනේ.

:       48       19

නිමල් Thursday, 03 November 2022 08:38 PM

යාර ගානක සාරිය අයන් කිරීමට වැයවන විදුලිය හා කාලය , ඇදිමට ගතවන කාලය, මිල, අපහසුව, රටේ දියුනුවට බාදාවක් නොවේද?

:       43       19

k d sugathSaturday, 05 November 2022 04:34 PM

සහතික ඇත්ත ඔය භික්ෂූන් වහන්සේලා, හමුදා නිලධාරින්, පාසල් ගුරුවරුන්, සිසු සිසුවියන් ඔක්කෝමලාව නඩත්තු කරන්නේ නිල ඇඳුම් නැතුව වැඩ කරන ජනතාවයි, නැතුව ඔය කට්ටිය කිසි නිෂ්පාදන දායකත්වයක් රටට දෙන් නෑනේ...!

:       0       0

Sam Thursday, 03 November 2022 08:58 PM

Don’t do politic , Please follow Buddhism.

:       32       18

sisira Thursday, 03 November 2022 09:11 PM

ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් හෝ වෙනත් පුගලයන්ගේ අවශ්‍යතවයන් මත මෙරට චිරකාලීන බෞද්ධ සංස්කෘතික උරුමය තුළ භික්ෂුන් වහන්සේලා, හමුදා නිලධාරීන්, පාසල් ගුරුවරුන්, සිසු සිසුවියන් ආදී ක්ෂේත්‍රයන්හි පිරිස්වලට අනන්‍යතාව විදහාපාන නිල ඇදුමක් පවතින බවත්, විවිධ පාර්ශවවල අභිමතය පරිදි එය වෙනස් කළ නොහැක.

:       22       117

KumaraFriday, 04 November 2022 12:10 AM

ඔය කියන බෞද්ධ සංස්කෘතික උරුමය මෙරටින් තුරන් වී බොහෝ කලක් ගතවී ඇත. භික්ෂුන් යැයි කියාගන්නා අය අනුන්ගේ රෙදි ගැන නොසොයා තමන් ගේ වගකීම් හරිහැටි ඉටු කරන්නේ නම් සමාජයම සංවර වීම තුළ මෙවැනි දේ ගැන වාද කරමින් කාලය නාස්ති කිරීමට සිදු නොවනු ඇත.

:       32       3

ගමේ එකාලා Friday, 04 November 2022 12:54 AM

හාමුදුරුවන්ටත් ඕනේ නැති මගුලක් නැහැ.. ගුරුවරියෝ තමුන්ට කැමති පහසු, ගැළැපෙන ඇදුමක් අන්දින එක එයාලට අයිති දෙයක්.

:       23       2

චින්තක Friday, 04 November 2022 06:46 AM

ඩිස්ලයික් කියන්නෙ මේ රට නම් හදන්න බැරිම රටක් කියලයි මෙච්චර කලක් කිව්වෙ. ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා දැන් කියමු .ලංකාව වලපල්ලට යමින් පවතින රටක් කියලා

:       1       1

chinthana Friday, 04 November 2022 07:48 AM

දැන් ඉන්න ගුරුවරියෝ රස්සාවට ආවේ සාරි අඳින්න වෙනවා කියලා දැනගෙන. නමුත් රජයේ සේවකයෝ කිව්වම එයාලත් ඇතුළත් නිසා චක්‍රෙල්කයට අදාලයි. ගවුම් කලිසම් අදින ගුරුවරියෝ ඉන්න බටහිර රටවල් ලංකාවට වඩා ගොඩක් දියුණුයි. ස්ටාලින්ට තියෙන්නේ මානව හිමිකම් නඩුවක් දාන්න. පාසල් ගුරුවරියෝ ටියුෂන් හෝ පාසල් වෙලාවෙන් පස්සේ පන්ති කරද්දි ගවුම් හෝ සාය හැට්ට අඳිනවා. ගුරුවරියෝ පාසලට ගවුම් කලිසම් ඇඳන් ආවමනම් හරි. ඔය චක්‍රෙල්කය තාමත් අදාල නිසා කාගෙවත් අවසර ගන්න ඕනි නෑ,

:       36       11

Kasun Rajitha Friday, 04 November 2022 08:25 AM

Still a 3rd world country thinking about clothes, saying no to sexual education and thinking we are a disciplined country with a highest rates of rapes in the world. Change people, change. Clothes not matters, but the attitudes.

:       40       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site