IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගුරුවරු අකුර‍ට වැඩ


(රංජන් කස්තුරි )

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ඒ අනුව ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ ගුරු උපදේශකයන් අද සිට ඉගැන්වීම්ක්‍රියාවලියෙන් බාහිර කිසිදු කටයුත්තක නොයෙදෙන බව ද ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ ගුරු උපදේශකයන් එම කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සමග හෝ පළාත් අධ්‍යාපන කාර්යාල සමඟ හෝ කටයුතු කරන සියලු වට්ස් ඇප් සමූහවලින් ඉවත්ව සිටින බව ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (8)

ගුරුවරු අකුර‍ට වැඩ

යෝගා Monday, 22 July 2024 09:46 AM

හරි, මේ සති දෙකේවත් ටියුෂන් නවත්තලා හරියට අකුරටම උගන්නපල්ලා

:       1       8

අරවින්ද මොනරවිල Monday, 22 July 2024 10:30 AM

ඒක හොද ක්‍රියාමාර්ගයක්, දැන් වැඩ වර්ජන කිරීමට කාලය නොවෙයි. ඉදිරි ජනාධිපතිවරණය තීරණාත්මකයි. ඒකේ ජයග්‍රහණය රනිල්ට හිමි උනොත් රට විශාල අවුලකට යනවා, ඒ නිසා රනිල් ප්‍රමුඛ රාජපක්ෂ මෘග පාලනය පරාජය කරන්න නම් ඉවසීමෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කරන්න ඕනා.

:       9       5

Anagatha ParapuraMonday, 22 July 2024 02:43 PM

ඉදිරි ජනාධිපතිවරණය තීරණාත්මක නැහැ මොකද දැනටමත් මාලිමාව පරාජයට පත්වෙනවා කියලා නියතයෙන්ම දන්න නිසා තමයි මාලිමාවෙ කෙරුමෙක් වන මහින්ද ඔය දරුවන්ට හිංසා කරවීමට දායකත්වය දෙන්නේ ඔවුන්ට කෙසේහෝ ජයග්‍රහණය පේනවා නම් අපි ආවොත් ඔක්කොම ප්‍රශ්න විසදීමට කටයුතු කරනවා එතෙක් ඔය සහෝදර සහෝදරියො ගිහිල්ලා දරුවන්ට අධ්‍යාපනය දෙන්න කියලා ඉල්ලනවා නේද මාලිමාවේ එවුන්ට උගතුන් පේන්න බැහැ උන්ට ඕන කරන්නෙ නූගතුන් පිරිසක් පමණයි ඒක තමයි සත්‍යම තත්වය මාලිමාව භංගවේවා දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතන කෙනෙකුට ජයග්‍රහණය ලැබේවා

:       3       6

රංබොඩ Monday, 22 July 2024 10:39 AM

කවද්ද ගුරුවරුන් වැඩ කරන්නෙ කියලා මේ බලන් ඉන්නෙ

:       1       8

Chandana Monday, 22 July 2024 11:31 AM

අකුරට වැඩ කලයුත්තේ ගුරුවරුන්ම තමයි .නමුත් මොවුන් වෘර්තීය සමිති අතකොලු වෙලා ගුරු හොරු වෙලා .වැඩවර්ජන කරන්න ගුරුවරු සිසුන්ට දෙන ආදර්ශය කොයි වගේ වෙයිද

:       4       12

සිල්වා Monday, 22 July 2024 11:38 AM

එතකොට ටියුෂන් වලට මොකද වෙන්නෙ? අකුරට වැඩ හැමදාම කරනව නම් ටියුෂන් අවශ්‍ය වෙන්නේ නෑ.

:       3       13

Bandara Monday, 22 July 2024 12:37 PM

අමතර පන්ති කරන එකත් අකුරට කරන්න.

:       0       12

Nilantha Monday, 22 July 2024 03:36 PM

මේ දිනවල මාලිමාවේ ගොට්ටෝ මාලිමාව දිනවීමට පුළුවන්ද බලන්න සමීක්ෂණයක් කරනවා. ඒ නිසා දරුවෝ ඉන්න අම්මලා තාත්තලා ඔය කියන අය ඔබ හමුවට එනවාද බලා පලවා හරිනවා නම් හොඳයි... හැඳුනුම්පත බැලුවාම ඒක තේරුම් ගන්න පුළුවන්...! 

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site