IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් මුල් සතියේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි  අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉකුත් ජුනි 30 දින වනවිට මෙරට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2763 ක් ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා 2021.03.31 දින වනවිට පැවති ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වීමටත්, දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අන්තර්ග්‍රහණය මඟින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව කීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (2)

ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් මුල් සතියේ

නරලොව හොල්මන්ගේ Wednesday, 08 November 2023 02:37 PM

මේ වැඩෙන් වෙන්නෙ 2021 ට පස්සෙ සුදුසුකම් ලැබූ අයට රැකියාවක් සදහා යන්න අවස්ථාව නැතුව යනවා ඊළඟට රාජ්‍ය සේවයේ සිටින අයගෙන් ග්‍රාම නිළධාරින් පත්කලාම එම සේවයේ ගුණාත්මක බව තිබුනා නම් ඒකත් නැතුව යනවා

:       0       1

de silva Wednesday, 08 November 2023 08:46 PM

කරුණාකර දැනට රජයේ වෙනත් සේවාවල සිටින අතිරික්ත නිලධාරීන් මේ සඳහා අනුයුක්ත කරගන්න. රටේ සිටින අති විශාල රජයේ සේවකයින් ප්‍රමාණය රටට බරකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site