(කාංචන කුමාර ආරියදාස)
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය අතරතුරේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසකට දිවා රාත්‍රී දෙකෙහිම වන අලින් ගම්වැදීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
දඩුබැදිරුප්ප, දේවහුව ,හීනුග්ගල ,තෙලදින්නං වැව, හබරත්තාවල ,උලුකටවැව . දඹුලු හල්මිල්ලෑව ආන කටාව ආදී ප්‍රදේශ වලට මෙම වන අලි උවඳුර වැඩිපුර බලපා තිබේ.
පස්වරු 4 පමණ වන විට වන අලි ස්ථාන කීපයකින් ගමට පැමිණ මාර්ගවල ගමන් කරමින් නිවාස අසල ගැවසෙමින් ගොවීන්ගේ වගා බිම් වලට යන බව කියති.
රාත්‍රියේ ඒවා දැඩි ලෙස විනාශ කරමින් ආහාරයට ගන්නා බවත් පසුව උදෑසන 7.30 පමණ වනවිට මෙම වන අලින් නැවතත් රක්ෂිත වලට ගමන් කරන බව ඔවුහු පෙන්වා දෙති.
අනතුරක් මෙහි පැවතියද ජනතාවට වන අලින් පැන්නීම සඳහා කළ යුතු ක්‍රමවේදයක් නැති බව ඔවුහු පෙන්වා දෙති .ගලේවෙල හීනුග්ගල ප්‍රදේශයේ පැපොල් වගා කරුවෙකුගේ පැපොල් වගාව සම්පූර්ණයෙන් අස්වනු නෙලීමට තිබූ පැපොල් වගාව අලින් ආහාරයට ගෙන අනෙකුත් ගස් පෙරළා දමා එමෙන්ම අමු ගෙඩි විශාල වශයෙන් බිමට කඩා විනාශ කර තිබිණි.
එමෙන්ම ප්‍රදේශයේ ඵල දරන පොල් ගස් මෙන්ම පිදිමට ආසන්නයේ ඇති පොල් ගස් විශාල ප්‍රමාණයක් මේ වන විටත් දිවා රාත්‍රී දෙකෙහිම වන අලින්ගේ ආහාර බවට පත්ව විනාශ වෙමින් පවතින බව ගොවීහූ පෙන්වා දෙති.



2025 දෙසැම්බර් මස 18
527
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම් වැදුණ අලි වගා බිම් වනසති
kapila Wednesday, 23 December 2020 08:06 AM
අපිට නම් ඔය වල්අලි ප්‍රශ්නේ නැහැ. මොකද අපි ඉන්නේ කොළඹනේ...
ali nayaka Thursday, 24 December 2020 03:43 AM
නැහැ අපි එකග නැහැ. මිනිසුන් වල් වැදිලා.. කැලෑ වැදිලා අපිට ඉන්න කන්න බොන්න තැනක් නැහැ.
ali baba Thursday, 24 December 2020 03:44 AM
කිසිදිනෙක වෙළද පොලට නොඑන ගස්ලබු එකත් පිටරටින් ගෙන්වපල්ලා...