(ඉන්දික රාමනායක)
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු ටී 56 ගිනි අවිය හා රිවෝල්වරයක් සමග පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේවැල්දෙනිය ප්‍රදේශයේ පදිංචි (50) හැවිරිදි පුද්ගලයෙකු සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පවසයි.
දැනට ඩුබායි රටේ සැඟව සිටින කෙහෙල්බද්දර පත්මේ සහ ඔහුගේ ගෝලයකු වන අවිශ්ක නැමැත්තන් විසින් මෙම ඝාතන සැලසුම සංවිධානය කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනය සැලසුම සඳහා යොදා ගෙන තිබූ සුඛෝපභෝගී රථයක් ගම්පහ නගරයේ පුද්ගලික රෝහලක රථ ගාලක නවතා තිබියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
කෙහෙල්බද්දර පද්මේ ට ගම්පහ නගරයේ බලය ඇල්ලීම සඳහා බාධාවක්ව පවතින ඔස්මන් නමැත්තා ඝාතන කිරිමෙ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට පෑලියගොඩ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරුකට අනුව මෙම තොරතුරු හෙළි කර ගෙන ඇති බව පොලිසිය පවසයි.
ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මාතර සහ ගාල්ල දිස්ත්‍රක්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන කීපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්
අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
Prabha Tuesday, 23 April 2024 07:02 PM
ඔස්මන් කියන්නේ බබෙක් නොවේ...
බිනර Tuesday, 23 April 2024 10:17 PM
ඔස්මන් බබා.
පිටරටවැසියා Wednesday, 24 April 2024 01:06 AM
වර්තමානයේ ගම්පහ කිව්වහම ප්‍රසිද්ද, "උසාවියෙන් දඬුවම් ලද, ලයිසන් ඇති ප්‍රසිද්ද කප්පම් කාරයෙක්" ඉන්න දිස්ත්‍රික්කයක් හැටියට. මේ සිද්දියේ කොනකත් කප්පම් කියන දෙය ගෑවිලා ඇති....