IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම්මු පැය 3 ක් අම්පාර දිසාපති හිරකර ගනිති

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා අද 19 පෙරවරුවේ කල්මුනේ ප්‍ර දේශයේ ක්ෂේත්‍ර  චාරිකාවක් යොදා ගෙන තිබු අතර ඔහු කල්මුනේ උතුර ප්‍රා දේශීය උප ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවේ ගම්වැසියෝ ප්‍රා දේශීය ලේකම් කාර්යාලය වටලා කල්මුනේ උතුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලය නීතියානුකුල කර දෙන ලෙස ඉල්ලිමක් කළහ.

ප්‍රා දේශීය ලේකම් කාර්යාලයට පැමිනි ජනතාව වහාම මෙයට විසදුමක් දෙන ලෙස දිසාපතිවරයාගෙන් දැඩිව ඉල්ලිමක් කලේය.

දැන කල්මුනේ උතුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලය පවත්වා ගෙන ගියත් එය උප කාර්යාලයක් ලෙස නිසා තමන්ට නිසි අයුරින් සේවාව නොලැබෙන බව පැමිනි ගම්වැසියෝ සදහන් කළහ.

දැනට මෙම ප්‍රා දේශීය ලේකම් කාර්යාලයට ගණකාධිවරයෙක්  නැති අතර මුදල් පාලනය සියල්ල කල්මුනේ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙන් සිදුකරයි.එම කාර්යාලයෙන් වගුරු බිම් ගොඩ කරමින් කටයුතු කරන බවද ජනතාව අද දිසාපතිවරයාට කරුණු ඉදිරිපත් කරනු ලැබිය.

එසේ කටයුතු  කිරීමේදි දමිල ජනතාව වාසය කරන ප්‍ර දේශවලට අසාධාරණයක් සිදුවෙන අතර සම්පත් බෙදී යෑමේ අසාධාරණයක්ද සිදුවෙන නිසා කඩිනමින් ඉතිරි පුරප්පාඩු පුරවා නියම ප්‍රා ෙදශීය ලේකම් කාර්යාලයක් බවට කල්මුන උතුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලය පත්කරන ලෙසටද ගම්වැසියෝ මෙහිදි ඉල්ලිමක් කළහ.

කෙසේ වෙතත් පැමිනි ජනතාවට සාධාරණ පිලිතුරක් ලැබෙනතුරු දිසාපතිවරයාට පැය තුනක කාලයක් කල්මුන උතුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලය තුල රුදි සිටිමට  සිදුවිය.

 



අදහස් (2)

ගම්මු පැය 3 ක් අම්පාර දිසාපති හිරකර ගනිති

සමන් Thursday, 19 October 2023 08:55 PM

මේ අය කියන්නේ තමන්ගේ ජාතියට එහෙ අනික් ප්‍රධාන ජාතියෙන් සිදුවන අකටයුතුකම් ගැන. හැබැයි කවුරු හරි එහෙ සුලු ජාතිය වන සිංහලයින් ගැන කතා කළොත් ඒක ජාතිවාදය, අපේම සමහර අමන සිංහලයින්ටම...!

:       0       5

චන්දන Friday, 20 October 2023 10:29 AM

අර හාමුදුරුවන්ට ගමට යන්න දුන්නේ නැති ආරක්ෂක අංශ මෙතන නැත්තේ ඇයි? පේනවා නේද රටේ නීතිය දෙවිදියකට කියලා...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site