IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගම්පහ සාම විහාරයේ ආවාස ගෙට ගින්නකින් හානි

(තිලකරත්න දිසානායක.)

ගම්පහ සාම මහා විහාරයේ දෙමහල් ආවාස ගෙයි ඊයේ (16) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් දැඩි හානි සිදුව ඇති බව විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි නාහිමියෝ පැවසූහ. 

ඊයේ රාත්‍රී 12 ට පමණ ගින්නක් පැතිරෙන බව එහි නිදාසිටි ගිහියෙකු විසින් දැක ඇති අතර ඒ අවස්ථාවේ සැතපී සිටි කුඩා සාමනේර හිමිවරුන්ට කතාකොට එළියට ගත් බවත් පරිවෙනාධිපති ගෝනමැරියාවේ නන්දසිරි හිමියන් ඇතුලු සාමනේර හිමිවරුන් සිටි කාමරවල දොරවල් කඩා එලියට ගත් බවත් ගිහිඅයෙකු පැවසීය.

ගින්න හේතුවෙන් පිරිවෙන් හිමිවරුන්ගේ පොත්පත් ඇතුලු බොහෝ දේ විනාශවී ඇති ආකාරයක් දක්නට ලැබුනි. ඊයේ රාත්‍රී ගම්පහ නගර සභා ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපවත්වා ඇතත් උදෑසන වන විටත් තැනින් තැන ගිනි ඇවිලෙමින් තිබිණි. 

ගින්න ඇතිවීමට හේතුව පැවති වර්ෂාව සමග විදුලි කාන්දුවක් විය හැකි බව විහාරාධිපති හිමියන් පැවසු අතර සිදුව ඇති හානිය විශාල බවද කීහ.



අදහස් (0)

ගම්පහ සාම විහාරයේ ආවාස ගෙට ගින්නකින් හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 3 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 590 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site