IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගම්පහ රෝහල් තුනකට හොඳ කලක්

(අංජුල මහික වීරරත්න)

ගම්පහ, මිනුවන්ගොඩ සහ මිරීගම රෝහල්වල අත්‍යවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ සේවකයන් කඩිනමින් ලබා දීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා හා සෞඛ්‍ය ඇමතිවරයා එකඟ වූ බව නිවාස සහ නාගරික සංවර්ධන රාජ්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඊට අමතරව රුපියල් මිලියන 350ක වියදමින් ගම්පහ රෝහලට හෘද කැතීටරීකරණ රසායනාගාරයක්( Cardiac Catheterization Lab)  ලබා දීමටත්, මිනුවන්ගොඩ රෝහලේ ශල්‍යාගාර කටයුතු කඩිනමින් ආරම්භ කිරීමත්, මීරිගම රෝහලේ අලුතින් ඉදිකරන තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමටත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහත්වරුන් එකඟතාවය පළ කර ඇත.

ඔවුන් මෙම එකඟත්වය පළ කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම පරිදි ගම්පහ, මිනුවන්ගොඩ සහ මීරිගම රෝහල්වල අඩුපාඩු සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.



අදහස් (0)

ගම්පහ රෝහල් තුනකට හොඳ කලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site