IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම්පහ දැරියක ඝාතනයේ සැකකරුගේ මවත් පියාත් අත්අඩංගුවට

(තිලකරත්න දිසානායක)

වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරිවියක් අඹුකමට තබාගෙන සිටියදී ඇය ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඹුකමට තබාගෙන සිටි බව කියන පුද්ගලයාගේ මව සහ පියා අද (16) අත් අඩංගුවට ගනු ලැබූ බව බෙම්මුල්ල පොලීසිය සදහන් කරයි.

මෙසේ අත් අඩංගුවට ගනු ලැබ ඇත්තේ බෙම්මුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් යක්කල, බුලත්ගංගොඩ පදිංචි 62 හැවිරිදි සැකකරුගේ පියා සහ 55 හැවිරිදි මවය.

බාල වයස්කාර දැරියක් අඹුකමට නිවසේ තබා ගැනීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත මෙම යුවල මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පසුගිය 11 වෙනි දින බාල වයස්කාර දැරියට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් 27 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරෙකු වශයෙන් කටයුතු කරන අයෙකු බෙම්මුල්ල පොලීසිය මගින් මෙයට පෙර අත් අඩංගුවට ගෙන තිබිණි.

අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ මව සහ පියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ බෙම්මුල්ල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිලුම් රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ වැඩි දුර පරීක්ෂණ සිදු කෙරේ.

 



අදහස් (1)

ගම්පහ දැරියක ඝාතනයේ සැකකරුගේ මවත් පියාත් අත්අඩංගුවට

sharm warn Thursday, 17 November 2022 09:08 AM

හරි නම් එ ගෑනු දරුවගෙ තාත්තවත් හිරේ දාන්න ඔන දරුවන් හරියට හදපු නැති වැරැද්දට. .දුවව සෙල්ලම් බඩුවක් වගෙ පවිච්චි කරන්න දීල තාත්තෙක් බලාගෙන හිටියෙ කොහොමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site