( තිලකරත්න දිසානායක)
ගම්පහ නගර සභාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව ගම්පහ නගරයේ සියලුම උපකාරක පන්ති පරීක්ෂාවට ලක් කළහ.
ගම්පහ, සිරිකුරුස මාර්ගය අසල මහල් ගොඩනැගිල්ලක පවත්වා ගිය උපකාරක පන්තියක කාන්තා වැසිකිළියක කැමරාවක් සවිකොට තිබීමේ සිද්ධිය වාර්තා වීමත් සමග ගම්පහ පුරපති එරංග සේනානායක සහ ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පුරපතිවරයා සදහන් කර සිටියේ අධ්‍යාපනික නගරයක් වන ගම්පහ නගරයේ උපකාරක පන්තියක් පවත්වාගෙන යනු ලබන ස්ථානයක මෙවන් සිද්ධියක් වාර්තා වීම අප්‍රසන්න තත්ත්වයක් බවත් දැඩි විශ්වාසයකින් යුතුව මව්පියවරුන් දරුවන් උපකාරක පන්තිවලට සහභාගිකර වන බැවින් එම විශ්වාසය මෙන්ම ආරක්ෂාව සුරක්ෂිත වන අන්දමින් පවත්වාගෙන යුතු බවයි.
මේ අතර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතා ප්‍රකාශ කොට සිටියේ, උපකාරක පන්ති සදහා පැමිණෙන සිසු දරුවන්ට , එම ස්ථානයන් දැඩි සුරක්ෂිත ස්ථානයන් වශයෙන් පවත්වාගෙන යාම එම ස්ථාන පවත්වාගෙන යන තැනැත්තන්ගේ වගකීමක් වන බවත් නිසියාකාරයෙන් පන්ති පවත්වාගෙන යාම පිනිස නගර සභාව මගින් සිදු කරනු ලබන කටයුතු සදහා පොලීසිය අවශ්‍ය සහාය ලබා දීම සිදු කරන බවත්ය.
මෙම පරීක්ෂාවේදී ස්ථාන ගණනාවක පැවති අඩුපාඩු පෙන්වා දුන් අතර එම අඩුපාඩු සකස්කර ගැනීමට උපදෙස් දුන් බව නාගරික පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවැසීය
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගම්පහ උපකාරක පන්ති පරික්ෂාවට
ඉතා හොදයි Saturday, 19 February 2022 04:12 PM
මෙසේ දරුවන් ආරක්ෂා කරගැනීමට ගම්පහ පමණක් නොව ප්‍රදේශීය මට්ටමින් දෙමාපිය සහාය ඇතිව දිවයිනේම උපකාරක පන්ති ගැන වැඩි අවධානයක් යොමු කරනවා නම් වටිනවා. මේ උපකාරක පන්ති අවට කාමර කුලියට දෙන ස්ථානවලට අඩු පාසල්වල ඉහළ ශ්‍රේණිවල දරුවන් ගෙන්න ගන්න බව මාධ්‍යවල පවා පළවුණා. මේ වගේ ස්ථානද පරීක්ෂා කිරීමෙන් සිය දිවි නසා ගැනීම් පවා වළක්වා ගතහැකි වේවි.