IMG-LOGO

ගම්පහ අලුත් ඡන්ද ලක්ෂයක්

( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙ පළාත් පාලන ආයතන 19 ක් සදහා සභිකයින් 688 දෙනෙ තෝරා පත් කර ගැනීම පිනිස දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 ක ඡන්ද දායකයින් 18, 33, 602 දෙදෙනකු සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

2022 ඡන්ද නාම ලේඛනයට අනුව ඡන්ද දායකයින් 18,33,602 ක් වන අතර එය පසුගිය 2018 ඡන්ද නාම ලේඛනයට අනුව 1,09,293 ක වැඩි වීමක් බව ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.ජේ.එස්.මාධව මහතා පැවැසීය.

පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා ඇප තැන්පත් කිරීම අද දිනයේ සිට ආරම්භ කොට ඇති බවත් නාම යෝජනා බාර ගැනීම මෙම 18 වෙනි දින සිට 22 වෙනි දින දහවල් 12 දක්වා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙන බවත් සහකාර කොමසාරිස්වරයා කීය.

දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සදහා සභිකයින් තෝරා ගැනීම, මීගමුව මහ නගරසභාව සභිකයින් 48 ක්, ගම්පහ මහ නගර සභාව සභිකයින් 28 ක්. වත්තල මාබෝල නගර සභාව 16 ක්, කටුනායක සීදුව නගර සභාව 18 ක්, මිනුවන්ගොඩ නගර සභාව 15 ක්, ජාඇල නගර සභාව 16 ක්, පෑලියගොඩ නගර සභාව 16 ක් , වත්තල ප්‍රාදේශීය සභාව 35 ක්, කටාන ප්‍රාදේශීය සභාව 41 ක්, දිවුලපිටිය ප්‍රාදේශීය සභාව 43 ක්, මීරිගම ප්‍රාදේශීය සභාව 48ක්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව 46 ක්, අත්තනගල්ල ප්‍රාදේශීය සභාව 50 ක්, ගම්පහ ප්‍රාදේශීය සභාව 36 ක්, ජා ඇල ප්‍රාදේශීය සභාව 43 ක්, මහර ප්‍රාදේශීය සභාව 55ක්, දොම්පෙ ප්‍රාදේශීය සභාව 41ක්, බියගම ප්‍රාදේශීය සභාව 53 ක් සහ කැලණිය ප්‍රාදේශීය සභාව 40 ක් ආදී වශයෙන් සිදු වන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මාධව මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (3)

ගම්පහ අලුත් ඡන්ද ලක්ෂයක්

sharm warn Thursday, 05 January 2023 02:10 PM

පබාලා කප්පම් ප්‍රසන්නලා මිරිස්කුඩු ප්‍රසන්නලා රටට රටට දායාද කරපු ගම්පහින් මේ පාර එවන්න යන්නේ මොන ජාතියේ කුපාඩි සෙට් එකක්ද? ගම්පහ මිනිස්සුන්ට දැන්වත් මොලේ පහළවෙලා ඇති කියලා අපි හිතනවා.

:       0       6

lalindra Thursday, 05 January 2023 03:16 PM

නළුවෙක්ද නිලියෙක්ද දාන්න ඕනේ

:       0       6

වීරවිජේ Thursday, 05 January 2023 05:23 PM

උන්ගෙ එකම විනෝදෙ වෙන්න ඇති.. ඒකනෙ ඉක්මණට බෝවෙන්නෙ.. රටේ උන්ට තමා කරුමෙ ගෙවන්න වෙන්නෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1009 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site