IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ගම්පහදී කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

(තිලකරත්න දිසානායක)

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේදී ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනකදී, ලේ පරිත්‍යාග කළ කිහිපදෙනෙකුම කොවිඩ් -19 වයිරසය ආසාදිතයින් බවට තහවුරුවී තිබේ.

එබැවින් එම රුධිර ප්‍රමාණය ඉවත් කරන්නැයි දැනුම් දීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.

මෙම ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන ගම්පහ සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ දැනුවත් නොකර පවත්වා ඇත.

ලේ පරිත්‍යාග කළ අය අතරින්  එකම පවුලේ තිදෙනෙකු ඇතුලු 4දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් බව තහවුරුවීම  මත එම ප්‍රදේශයේ පවුල් 19 ක සාමාජිකයින් 100 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මෝරුපොල ප්‍රදේශය බාර  මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා සදහන් කළේය.

එම වැඩසටහනට සහභාගි වී ඇති විදුලි බල මණ්ඩලයේ සේවය කරනු ලබන අයෙකුට සහ වරාය අධිකාරියෙහි සේවය කරන අයෙකුට හා ඔහුගේ බිරිදටත් , සොහොයුරාටත් වයිරසය ආසාදනය වී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා  පැවසීය.

ආසාදිතයෙකුව සිටින විදුලි බල මණ්ඩලයේ සේවය කරනු ලබන තැනැත්තාගේ පියා බස් රියදුරෙකු ලෙස මාතර - කොළඹ බස් රථයක සේවය කරන අයෙකු බවද අනාවරණය වී ඇති බව සදහන් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහුද පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බවද කීය.

ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වූ දැනට ආසාදිතව සිටින්නන් ඇතුළු  ග්‍රාමයෙහි පිරිසක් සාදයක් පවත්වා ඇති බවක්ද අනාවරණය වී ඇතැයි සදහන් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා  දැනුවත් කරමින් එම පිරිස හදුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවය.



අදහස් (4)

ගම්පහදී කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

මොහම්මද් Friday, 08 January 2021 12:37 PM

මුස්ලිම් කොරොනාවට ජයවේවා..!!!

:       10       7

Kamal Friday, 08 January 2021 02:58 PM

මෙම රෝගය ලේ හරහා සම්ප්‍රේෂණය වෙනවාද?

:       0       7

Dilshad Friday, 08 January 2021 06:05 PM

ඒ නමුත් ලේ දෙන්නේ හොඳ හිතින්නේ...

:       0       3

නෙවිල් ගුණසේකර Saturday, 09 January 2021 04:41 AM

ලේ දුන්න අය කොහොම වෙතත්, ලේ ගත්ත මෝඩ රාජ්‍ය නිලධාරීන් දැනගන්න ඕනෑ නේද? අදාල බලධාරීන් දැනුවත් කිරීමට සහ මේ වගේ අවස්ථාවක අවශ්‍ය ආරක්ෂා පියවර ගැනීමට.''

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 748 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site