(නිමන්ති රණසිංහ,ඉන්දිකා රාමනායක සහ ලාල් එස් කුමාර)
සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කසල ගොඩක තිබූ ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.
මෙම ස්ථානයෙන් දුඟදක් හමන බවට ප්‍රජා පොලිස් කොට්ඨාසයට ලැබුණු තෙරතුක්මත පොලිසිය පැමිණ සොයාබැලීමේදී එහි සැකකටයුතු ගමන් මල්ලක් තිබී ඇත. පසුව එය විවෘත කර බැලීමේදී එය තුළ කාන්තා මළ සිරුරුක් ඇති බවට දැක ඇත.
මෙම මල සිරුරේ අත්පා ගැටගසා ඇති අතර ඝාතනය ලක් වූ කාන්තාව වයස අවුරුදු 35 - 40 අයකුගේ බවට පොලිසිය සැකකරයි.
එම කාන්තාව රතුපාට ගවුමක් ඇඳ ඇතැයි ද පොලිසිය කියයි..
මරණකාරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් මේ වන විට එම ස්ථානය කැළණීය කොට්ඨාස අපරාධ විමර්ශන නිළධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් කැළණීය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ සපුගස්කන්ද පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇතැයි ද ඔහු සදහන් කළේය.
(ඡායාරූප: ලාල් එස් කුමාර)
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්
fairoos Thursday, 04 November 2021 04:14 PM
හැමදාම මිනීමැරුම් සහ කොල්ලකෑම්... ලංකාව ඉවරයි...
JudeThursday, 04 November 2021 05:35 PM
අපොයි ඔව්... ඉවරයි. ඒක නිසා ඉවර වෙන්න කලින් තණකොළ කපන කඩු ටිකක් ගෙනත් තියාගන්න...
RoshanThursday, 04 November 2021 06:47 PM
කොහේද යන්නේ... මල්ලෙ පොල් කේස් එකක්...
සමීර නිරෝෂ් Thursday, 04 November 2021 04:58 PM
මොකක්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ..? හරිම දුක හිතෙන සිදුවීමක්... මිනිස්සු මරනවා බල්ලො, බළල්ලු ගානට දාලා.. දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
Rocky Thursday, 04 November 2021 05:48 PM
කොහෙන් හරි මේකට ප්‍රාදේශීයව සභා මන්ත්‍රීෙයක් සම්බන්ධ ඇතියි කියලා සිතනවා..., නිකමට..!!
ranjan Thursday, 04 November 2021 07:52 PM
රටේ අවාසනාවන්තම වකවානුව මේ...
gunarathnaFriday, 05 November 2021 07:08 AM
ඇත්ත තමයි නේද.? ගෝඨාභය මහත්තයා මොනවා කරවද මන්දා.
sharm warnFriday, 05 November 2021 02:47 PM
ඒ මහත්තයා කැලේ කපනවා. කාබනික පොහොරවල ගුණකථනය කරනවා. තව සඳුන් උයන් හදනවා. ඒවට පිරිත් පැන් වත් කරවනවා... අප්පේ එහෙමත් රාජකාරි ගොඩ... පව් අප්පා... මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ ඉතින්...
සෑම් Friday, 05 November 2021 03:48 AM
මිනි මරුවෝ නිදහස් කරලා උන්ව දිරි ගන්වපු රටක ඕවා ඉදිරියටත් සාමාන්‍ය වෙයි
ලලිත් අම්බලන්ගොඩ Friday, 05 November 2021 07:59 AM
ඔන්න ඔහොම තමයි පව් කරාම කාටත් පලදෙන්නෙ. මහජන මුදල් ගසාකන, හොරකම් කරන, සංවිධානාත්මක අපරාධ කරන, මහජන බදුමුදල් විනාශ කරන, මහ බැංකුව කොල්ලකාපු අයටත් කවද හරි ඒ ඒ තරාතිරම අනුව කවදම හරි පලදෙනවා. ඒක තව ආත්ම ගානකින් වෙන්න පුලුවන්.
nagahananda Friday, 05 November 2021 09:19 AM
කලින් හංවැල්ල ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් උනා.