(දිනේෂ් උපේන්ද්‍ර)
පන්නල මාකදුර ප‍්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි සිව්මස් ගැබිණියට අතවර කිරීම තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එම ආයතනයේ ප‍්‍රධාන නිළධාරියෙකු මේ මස 28 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය.
එසේ රක්‍ෂිත බන්ධනාගාර ගතවූයේ පන්නල මාකඳුරේ ප්‍රසිද්ධ ආතනයක සේවයේ නියුතුව සිටි ප‍්‍රධාන අවිවාහක නිළධාරියෙකු වූ උපුල් ඉන්ද්‍රජිත් නැමති වයස අවුරුදු 50ක පමණ අයෙකු වූ අතර වෙනත් ආයතනයක් මගින් එම ආයතනයට අනුයුක්තව සේවය කරමින් සිටි නිළධාරිනියෙකු මෙම සිදු වීමට මුහුණ දී තිබිණි.
සැකකරු ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණය හමුවේ කියාසිටියේ වින්ධිත තැනැත්තිය පුටුවකින් ඇදවැටී ඇති අවස්ථාවක මවගේ උපදෙස් මත විවේක ගැනීමට ඉහලමාලයට ගොස් සිටි අවස්ථාවේදී සැකකාර ඉහල නිළධාරියා පැමිණ තමන්ගේ ශරීරය අයුතු ලෙස ස්පර්ෂ කළ බවයි. එහිදී වින්ධිත ගැබිණි කාන්තාව ඊට බලවත් විරෝධය පා ඇති අතර සැකකරු එම සිදුවීම කා සමඟ හෝ නොපවසන ලෙසට ඉල්ලා සිටි බවත් එහිදී පොලිසිය විසින් අධිකරණයට කරුණු දැක්වීය.
සැකකරු වෙනුවෙන් නීතිඥයින් අදාළ චෝදනාව ප‍්‍රතික්‍ෂෙපකරමින් කියාසිටියේ සිද්ධිය වූවායැයි කියන දිනයේදී විදෙස් නිරීක්‍ෂකයින් පිරිසක් කර්මාන්තශාලාව නිරීක්‍ෂණය කිරීමට පැමිණි බවත් ඒ අවස්ථාවේ වෙනත් නිළධාරීන් සිටිය නොහැකි නිසා ඉහළමාලයේ අය පිටමං කළා පමණක් බවත්ය. එමෙන්ම එම පරිශ‍්‍රය නිළධාරීන් නොයන ඉසව්වක් බැවින් එම පැමිණිළිකාර නිළධාරිනිය කුමන හේතුවනට එම ප‍්‍රදේශයට ගියාද යන්න ගැටලූවක් බවද නීතිඥයින් අධිකරණයට කීහ.
ඉදිරිපත්වූ සියලූම කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත‍්‍රාත් වරයා නියෝගයේ දක්වා ඇති හේතු අනුව ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පන්නල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කුමාරදාස, ළමා හා කාන්තා කාර්යංශයේ වැඩබලන ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් සංජීවනී ළමාහේවා(6019) මහත්ම මහත්මීන් පෙනීසිටි අතර සැකකාර නිළධාරියා වෙනුවෙන් නීතිඥ සුපුන් අධිකාරි, උදයශාන්ත ජයබාහු යන මහත්වරුන් පෙනීසිටියහ.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැබිණි සේවිකාවට අතවර කිරීමට ගිය ආයතනයේ ලොක්කෙක් රිමාන්ඩ්