IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගැබිණි මවට ඉදිකටුපාන තිඹිරිගෙයක් වේ

(රංජිත් රාපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි රත්නපුර කාන්තාවක ඉදිකටුපාන ප්‍රදේශයේදී බිළිඳියකු ප්‍රශූත කර ඇති බව නල්ලතන්නිය පොලීිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර මහතා පැවසීය.

මෙම මව දෙවන දරු ප්‍රශූතිය සිදු කර ඇති බවත්, මව හා බිළිඳිය නල්ලතන්නිය දක්වා රැගෙනවිත් ගිලන් රියකින් දික්ඔය මූලික රෝහල වෙත යැවීමට පියවර ගත් බවත් නල්ලතන්නිය පොලිස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

මෙම කාන්තාව රත්නපුර ප්‍රදේශයේ සිට ශ්‍රිපාද වන්දනාව සඳහා නඬයක් සමග පැමිණ ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

 



අදහස් (9)

ගැබිණි මවට ඉදිකටුපාන තිඹිරිගෙයක් වේ

සනත් ගමගේ අම්බලන්තොට Sunday, 12 February 2023 12:38 PM

දරු ප්‍රසූතිය සිදුකරන දින වකවානු දළ වශයෙන් දැන දැනත් මේ මව සිය අධිෂ්ටානය කරගෙන ඇත්තේ මුණි සිරිපා කරුණාකර තමා දරු ප්‍රසූතියට සූදානම් වීමට යැයි හැඟේ. එදා මහාමායා දේවිය සිය කුළුඳුල් දරු ප්‍රසූතිය දරාගෙන දෙමාපියන් බැහැ දැකීමට ගව්, යොදුන් ගණන් පියවර තැබුවේ ද හිතේ ශක්තියෙනි. ඒ යන අතර මඟ සල් උයනේ දී සිදුකල කුළුඳුල් දරු ප්‍රසූතියෙන් බිහි වූ ඒ උත්තමයාණෝ තුන් ලෝකයටම ගුරුවරයෙක් වී (තිලෝ ගුරු) අඳුරේ සිටි ලෝ වැසියන් ආලෝකයෙන් මුදා ගත්හ. ඒ උත්තමයාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද පා සටහන පිහිටු වූ ශ්‍රී පාද මළුවට ආසන්නයේ දී මේ මව සිදුකල දරු ප්‍රසූතියෙන් බිහි වූ බිළිඳිය ශ්‍රේෂ්ඨ කාන්තාවක් වන්නේ යැයි කිසිඳු සැකයක් නැත.

:       23       16

චිරන්ත Sunday, 12 February 2023 03:02 PM

ඒ අම්මා ඉතාමත් දැඩි ආත්ම ශක්තියක් තියෙන එවැනිම ශක්තිමත් පිරිසක් සමග තමයි ශ්‍රීපාද වන්දනාවේ ගිහිල්ලා තියෙන්නේ... එම දැරියත් අනාගතයේ රටේ වැදගත් කෙනෙක් වෙන්න පුළුවන්...!

:       6       12

කුමාරSunday, 12 February 2023 07:04 PM

මෝඩ ශ්‍රද්ධාව හොඳින් පේනවා ඔබේ අදහස් වලින්... දරු ප්‍රසූතිය කියන්නේ ඕනෑම වෙලාවක මවත්, දරුවාත් දෙන්නාම ජීවිත අවදානමකට මුහුණ දෙන තත්වයට හැරෙන්නට පුළුවන් දෙයක්... බැරි වෙලාවත් මොනවා හරි සංකූලතා ඇති වුණා නම් බණ වැඩක් නෑ. දරු ප්‍රසූතිය ළඟ තියෙද්දී එය ගමන ගිය ඒ මවත් ඇය සමග ගිය අයත් කිසිම වගකීමක් නැති අය...

:       2       10

KanthiSunday, 12 February 2023 09:16 PM

කුමාර හරි.නමුත් බලන්න අපේ රටේ ගෝත්‍රික දූපත්වාසී කිසිම වගකීමක් නැතුව ජනතාව හිතන විදිහ.

:       0       0

Shantha - Qatar Sunday, 12 February 2023 01:13 PM

මොනවා වුණත් දෙවි පිහිටෙන් දෙන්නම සුවෙන් නම් එච්චරයි... නමුත් මේ වගේ අවදානමක් ගන්න කළින් අම්මා දෙවරක් හිතන්න ඕනේ. මේක ජීවිතයක් එක්ක කරන සෙල්ලමක් නෙවෙයි. යන අයටත් කරදරයක්...

:       1       32

පිටිගල මිලානෝ Sunday, 12 February 2023 02:43 PM

මැයගේ ස්වාමියා සහ පවුලේ උදවිය කිසිම වගකීමකට නැති අය ලෙස පෙනේ. හදිසියේවත් දරු ප්‍රසූතියේදී සංකූලතා ඇතිවුනි නම් ප්‍රතිකාර කරන්න එන්නේ කවුද?

:       0       16

නල්ලතම්බි Sunday, 12 February 2023 03:13 PM

බබාට ඉඳිකටුපැංචි කියලා නම දාමු...!

:       2       11

Anusha Monday, 13 February 2023 04:27 AM

තවත් ස්වභාවික ආපධා රැල්ලකට ලෑස්ති උනානම් කවුරු කවුරුත්

:       0       0

ලුම්බිණි Monday, 13 February 2023 09:04 AM

මෙවැනි මෝඩ තීරණ නොගතයුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site