(අංජුල මහික වීරරත්න)
ගිනි ගැනීමට ලක්වූ මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බවට හඳුනා ගෙන තිබෙි.
කජීමා වත්ත ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්දයෙන් නාගරික සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදුන් වාර්තාවක් මගින් මේ බව අවධාරණය කර තිබේ.
ඒ අනුව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අනුමත ප්‍රතිපත්තීන්වලට අනුව ඔවුන්ට නිවාස ලබාදීමේ හැකියාවක් නැතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.
ගිනි ගැනීමට ලක්වූ මෙම කජීමා වත්ත ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් අතර අක්කර පහක පමණ විශාලත්වයකින් යුතුය. 2011 වසරේදී ආරම්භකළ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ එම ඉඩම්වල පදිංචි පවුල්වෙත ස්ථීර නිවාස ලබාදෙන තෙක් තාවකාලික අතරමැඳි කඳවුරක් පවත්වාගෙන යෑමට තාවකාලික පදනම මත කජීමා වත්ත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් බවද අදාළ වාර්තාවේ සඳහන්වෙයි.
නාගරික සංවර්ධන අධිකාරිය මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට ඉඩම් නිදහස් කර ගැනීමේදී අවතැන්වන පවුල් මෙම කජීමා වත්තෙහි තාවකාලිකව පදිංචි කර ඇත. එලෙස පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව 275කි. අනතුරුව එම පිරිසට විකල්ප නිවාස ලබාදී කජීමා වත්ත නිදහස් කර ගෙන ඇත.
ඉන් පසුවද අවස්ථා කිහිපයකදීම මෙම අතරමැදි කඳවුර තුළ පවුල් ඒකක 50ක් පමණ පදිංචිකරවා ඇති අතර 214 වසරින් පසුව දේශපාලන මැදිහත්වීම මත මෙම ඉඩමෙහි අනවසර පවුල් 291 පමණ පදිංචිකරවා ඇත.
එමෙන්ම 2015 ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලන මැදිහත්වීම මත යළි අවස්ථා කිහිපයකදීම විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් මෙහි අනවසරයෙන් පදිංචිකරවා ඇති බවද එම වාර්තාවේ සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි ගත් කජීමා වත්තේ වාර්තාව එළියට
කිරිපුතා Sunday, 16 October 2022 10:20 AM
කොතැනද වරදක් වී ඇත්තේ එතැන තක්කඩි දේශපාලනය...
sharm warn Monday, 17 October 2022 09:09 AM
මේ ලිපියේ කොතනද ගිනි ගන්න හේතුව සඳහන් වෙන්නේ කියලා කවුරුහරි පොඩ්ඩක් කියනවද.?