IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ගිනි අවිය පැහැර ගැනීම ගැන පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

පාර්ලිමේන්තුව අසලදී හමුදා සෙබළකුට පහරදී ඔහු සතුව තිබූ ගිනිඅවිය සහ උණ්ඩ හැටක් අඩංගු මැගසින් දෙක පැහැරගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එම විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව අතරතුර දී එහි රාජකාරි සඳහා පැමිණි වැල්ලවාය හමුදා කඳවුරේ සෙබළකුට යකඩ පොල්ලකින් පහරදී මෙම පැහැර ගැනීම සිදුකර තිබිණි

එහිදී බරපතළ තුවාල ලද යුද හමුදා සෙබලා මේ වන විට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් හමුදා රෝහලට ගොස් අදාළ හමුදා සෙබළාගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (4)

ගිනි අවිය පැහැර ගැනීම ගැන පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය

රට දියකල නීතිඥ තරු Thursday, 14 July 2022 08:33 PM

නීතිඥ නිහාල් තල්දූව මහත්තයො ..... ඒ උණ්ඩ ඔයාගෙම ඔලුවට වදී....ඒ නිසා හිරුණිකා දේවිය වගේ ඔයත් දැන් හැංඟිලා ඉන්න..!

:       0       0

Bamunuarachchi Friday, 15 July 2022 07:53 AM

ඔව්, ගුටි කන්න කියලා යවනවා නම් තුවක්කු දෙන්නේ මොකටද? කොහුමිටවල් දීලා යවන්න...

:       0       0

Bamunuarachchi Friday, 15 July 2022 07:55 AM

ජෙප්පෝ 1960 ගණන්වල වැඩ පටන් ගත්තෙත් ඔහොමයි. තව එහෙම කරන්න ඉඩ දෙන්න. ලෝකෙට ජෙප්පන්ගේ වැඩ පෙන්වන්න. ඊට‍ පස්සේ කොනක ඉඳන් දෙන්න.

:       0       0

කේ පාලිත ද සිල්වා Friday, 15 July 2022 11:13 AM

රට රකිනා අපේ විරුවන්ට පහර දීම තරයේ හෙලා දකින අතර ලංකා වාසි සියලු දෙනා අද සතුටින් සාමයෙන් ජීවත් වන්නේ එල්. ටී ඊ ත්‍ර්ස්ත්‍රවාදය සහ මුලින් විනාස කර දමු අපේ රනවිරුවෝ නිසා.ඔහුන්ට අපහස කරන පහර දීම වනි තිරිසන් ගති අති අතමුන් අවස්තා වාදී මිනිසුන් නීතිය හමුවට ගෙන දඩුවම් ලබා දීම කල යුතුය. තවද නීතිය සාමය ආරක්සා කීරිම කල යුතුව අත. රෝහල් ගත කර අති රන විරුවන් හට ඉක්මන් සුවය පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site