IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ගිනි අවිය පත්තු වීම ගැන ඉන්දියන් රජයේ දැඩි විරෝධය

(විමුක්ති එස් රුද්‍රිගු)

ඩෙල්ෆ් දූපත ආසන්නයේ නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 13 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි තැබීමක් සිදුවී තිබෙන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් නව දිල්ලියේ වැඩබලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය ගෙන්වා ඉන්දීය රජය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එසේම මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයද මෙම සිදුවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුකර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

කුමන තත්ත්වයක් යටතේ වුවද බලය යෙදවීම පිළිගත නොහැකි බවත් ඉන්දීය ධීවරයන්ගේ ජීවනෝපාය බැවින් ඒ පිළිබඳ කටයුතු කිරීමේදී මානුෂීයව කටයුතු කරන ලෙස ඉන්දීය රජය මීට පෙරද ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙන බවත් ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දෙරටේ රාජ්‍යයන් අතර ඇතිකර ගෙන තිබෙන අවබෝධය දැඩිව අනුගමනය කළ යුතු බවද ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පැවැසුවේ.

 



අදහස් (8)

ගිනි අවිය පත්තු වීම ගැන ඉන්දියන් රජයේ දැඩි විරෝධය

Rifan Tuesday, 28 January 2025 06:26 PM

අපේ මත්ස්‍ය සම්පත සොරාගන්නට එන ඔවුනට විතරයි මානුෂීය නීතිය. මොකක්ද වුනේ කියලා බලලා එතැන වරදක් සිදුවෙලා තියෙනවා නම් ඊට අදාල නීතිය ක්‍රියාත්මක කරනවා මිස මේක උඩදාගෙන ඉන්දියාවට බයිලා ගහන්න දෙන්න අවශ්‍ය නැහැ.

:       0       3

Shashika519 Tuesday, 28 January 2025 06:47 PM

උදව් කරාට ඉන්දියාව කියන්නෙ සර්පයෙක්..

:       0       2

රම්බොඩ Tuesday, 28 January 2025 07:55 PM

තමන්ගේ මිනිසුන් ට රටවල්වල මායිම් පණින්⁣නෙ නැතිව ඉන්න කියලා උපදෙස් දුන්න නම් දුක්වෙනවට වඩා හොඳයි.

:       0       3

සුපුන් චාමර Tuesday, 28 January 2025 09:14 PM

යකෝ මාර කෙලියක්නෙ. උන්ගෙ රටේ උන්ට කිව්වනම් ඉවරනෙ අනුන්ගෙ රටේ දේවල් හොරාකන්නෙ නැතුව හිටියනම් වෙඩි කන්න වෙන්නෙ නෑ කියල

:       0       4

සිංහල නිංජා Wednesday, 29 January 2025 01:44 AM

අපි ඉන්දියාවෙි යටත් විජිතයක්ද? හොරකන් කරන් යනකන් බලන් ඉන්න. කෝහෙද ඔය අවබෝධතාවය ලියල තියේන්නේ. අපිටත් කියවන්න දෙන්න

:       0       3

කමල් Wednesday, 29 January 2025 08:51 AM

නියම වැඩක් අපේ මත්ස්‍ය සම්පත කොල්ල කන එවුන්ට වෙඩි තියන්නම ඕනා නැත්නම් මේ ප්‍රශ්නේ රාජ්‍ය ත්‍රාන්තික මට්ටමෙන් විසදනවා කියන්නේ ඉන්දියන් ධීවරයන්ට අපේ මත්ස්‍ය සම්පත කොල්ලකන්න ප්‍රමිට් එකක් දෙනවා වගේ වැඩක් තමා ඉන්දියාවට ඕන විදිහට මේ රටවල් පාලනය කරන්න දෙන්න බෑ

:       0       0

Jayatunga Wednesday, 29 January 2025 10:06 AM

මොකක්ද අවබෝධය? ඔවුන්ගේ රට දියුණු කිරීමට අපේ සම්පත් කොල්ලකන එකද?

:       0       5

de silva Wednesday, 29 January 2025 10:53 AM

ඔය කියන තරම් විශාල අවභෝදයක් තිබෙනවා නම් පුළුවන් දෙරටේම නාවික හමුදාවලට එකතුවෙලා මුහුදුසිමවේ කිලෝමිටරේක පමණ පළල් ධිවර මුක්ත කලාපයක් ඇතිකර දෙරටම එකතුවෙලා මුර සංචාරක යාත්‍රා යොදාගෙන පාලනය කරන්න , මුහුද ගැඹුරු නොමැති නිසා බෝයා යොදාගන්නත් පුළුවන් , එහෙම කලහම හොර ජාවාරම් කරන ඒවත් නතර වෙනවා ,

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 601 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 835 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 1005 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 290 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1631 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 588 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1178 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site