( පුෂ්පකුමාර ජයරත්න )
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් වැල්ලව, කනව, සීරාදුන්න ප්‍රදේශයෙන් අද දින කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 18 දෙනෙකුම හමු වීම හේතුවෙන් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමා හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ සේවය කරන සීරාදුන්න ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරියකගේ නිවසේ පැවති සාදයකට සහභාගිවූ සීරාදුන්න ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් මෙසේ ආසාදිතයින් බවට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
එම සාදයෙන් අනතුරුව සැරයන්වරියට සහ ඇගේ මවට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර ඉන් අනතුරුව එම සාදයට සහභාගි වූ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියකටද වෛරසය ආසාදනය වී ඇත.
මෙම සාදයට සහභාගි වූ බව කියන වැල්ලව පොලීසියේ නිලධාරීන් පිරිසක්ද මේවනවිට ස්වයං නිරෝධායනයට ලක් කර සිටිති. මෙම පොලිස් නිලධාරිනිය සේවය කරන කොළඹ පොලිස් ස්ථානයෙන් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බව සැක කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගනේවත්තේ ගම් 3 ක් හුදෙකළා කරයි