(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දින 90 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා දෙන වීරගුල පොලිස් ස්ථානය රඳවා තබා සිටින පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත මුල්ලේරියාව ප්‍රදේශයේ ලදු කැලෑවක සඟවා තිබූ විදේශීය විදේශිය නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.
මෙම පාතාල කල්ලි නායකයා ගෙන් හෙළි කර ගත් තොරතුරු මත කඩුවෙල ප්‍රදේශයේ පිහිටි බෝක්කුවක් යට සඟවා තිබූ ටී ටී-56 ස්වයංක්‍රීය ගිනි ගිනි අවියක් ද නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ ගිනි අවි ,අත්බෝම්බ සහ ජීව උණ්ඩ ද බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට පෙරද සොයාගෙන තිබිණි.
ගනේමුල්ල සංජීව නැමැති මෙම පාතාල කල්ලි නායකයා විසින් තවත් ස්ථානවල අවි ආයුධ, බෝම්බ සහ ජීව උණ්ඩ සඟවා ඇති බවට පෙනී යන නිසා ඒවා සොයා ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගනේමුල්ලේ සංජීවගේ තවත් ගිනි අවි සොයාගනී
Bunny Preena Thursday, 05 October 2023 09:30 AM
පාතාලයින්ට පළාත්බදව මිනිස් ඝාතන කිරීමට පහසු වෙන විදියට සහ ගිනි අවි කුලියට දීමට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙන අපරාධ ජාලයක් තියනවා වගෙයි මටනම් පෙනෙන්නේ