IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගනේමුල්ලේ තුෂාරි ගේ ඝාතකයා මාට්ටු

සුමිත් පොතුපිටිය

පානදුර පින්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී මීට මාස හතකට පෙර මරා වැසිකිළි වළක දමා තිබූ තුෂාරි දිල්හානී නමැති දෙදරු මවගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු කිරීඉබ්බන් ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

සැකකරු එවකට හෝටලයේ කළමනාකරු ලෙසින් සේවය කර ඇති අය බව ද පොලිසිය කීය.

තුෂාරී දිල්හානී නැමැත්තියගේ මළසිරුර සොයාගැනිමට පෙරදින රාත්‍රී හෝටල් පරිඝණක‍යේ දත්ත මකාදමා පුද්ගලික ලියකියවිලිද රැගෙන  පානදුර සිට මාතර ඔස්සේ ඇඹිලිපිටිය බලා ගමන්කර ඇති බවත් ඒ අතරතුර සිය සිම් කාඩ්පත කඩා විසිකර තිබූ බවට පරීක්ෂණවලදී හෙලිව ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

ඇඹිලිපිටිය ප්‍රදේශයට පලාගොස් ඇති සැකකරු පොලිසියෙන් මිදීම සදහා වරින්වර පදිංචිය වෙනස් කරමින් සිට ඇති බවද සදහන් වේ.

ඝාතනයට ලක් වූ කාන්තාව මෙම ඝාතනයට දින කීපයකට පෙර හදුනාගෙන ඇති බවත් කඩවත රාත්‍රි සමාජ ශාලවක සිට පානදුර හෝටලයකට කැටුවවිත් එහි කාමරයේ රදවා තවත් පුද්ගලයන් තිදෙනකු සමග වරින්වර ඇය සමග එකට සිට ඇති බවත් හෙලිව ඇතැයිද පොලිසිය කීය.

කාන්තාවගේ සිරුර වැසිකිළිවලට දමා එය වසාදමා ඇයගේ ගමන් බෑගය මුහුදු වෙරළට ගොස් පුළුස්සා දැමු බවට හෙලිව ඇතැයිද පොලිසිය සදහන් කරයි.

 



අදහස් (0)

ගනේමුල්ලේ තුෂාරි ගේ ඝාතකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site