IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ගින්නෙන් තේ පැක්ටරියේ කොටසක් සුන්

(මොහොමඩ් ආසික් සහ ධම්මික ගුණවර්ධන)

මහනුවර පන්විල රාක්ෂාව වතු යායේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක අද 26 වනදා සවස ඇති වූ ගින්නකින් තේ කම්හලේ කොටසක් එහි තිබූ තේ කුඩු මෙන්ම යන්ත්‍ර සූත්‍රද සමඟ සම්පූර්ණයෙන් පිළිස්සී ගොස් තිබේ.

මෙම ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවේ සකස් කර තිබූ තේ කුඩු විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇති අතර යන්ත්‍ර සූත්‍රවලට මෙන්ම ගොඩනැගිල්ලටද දැඩි ලෙස හානි සිදුව තිබේ.

මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පන්විල පොලීසිය පන්විල ප්‍රාදේශිය සභාව සහ ප්‍රදේශයේ ජනතාව මෙන්ම කම්හලේ සේවකයන්ද එක්ව සවස් වරුවේම ගින්න පාලනය කිරිමට පියවර ගත්තද ඒ වන විටත් කම්හලට විශාල අලාභයක් සිදුව තිබිණ. මෙම ගින්න හේතුවෙන් කම්හලට සිදුව ඇති අලාභය තවමත් තක්සේරු කර නොමැති වුවද එය විශාල ප්‍රමාණයක් විය හැකි බව විශ්වාස කෙරේ.



අදහස් (2)

ගින්නෙන් තේ පැක්ටරියේ කොටසක් සුන්

බද්රානි Saturday, 26 February 2022 11:01 PM

රුසියන් හමුදාව යුක්රේනයට ගහපු මිසයිලයක් වැරදිලා මේ පැත්තට ආවා වෙන්න බැරිද? අනේ, පුටින් මහත්තයෝ කැමති නම් අපේ රටත් යටත් කරගන්න. එතකොට අපේ රට පාලනය කරන්නේ නියම ඔර්ජිනල් පුටින් කියලා අපට හිත හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. අනේ මන්දා ඉතින් යුක්රේන ජාතිකයින්ට නෑදෑකම් කියලා තමන්ගේ කරගන්න හැදුව‍ාට, මේ වගේ පඩත්තර ජාතියක් වැද්ද ගන්න ඔබතුමා අකමැති ඇති නේද? පුදුමේ කියන්නේ, රුසියාවේ ජනතාවටත් වඩා, මේ ලංකාවේ පිම්පියෝ ඔබතුමාට හරිම ආදරෙයිනේ..?

:       1       5

Perera Sunday, 27 February 2022 02:06 PM

රක්ෂණයෙන්වත් පාඩු මකාගන්න තියෙන වෙලාවක් මේක...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site