IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගිනිගත් නැවත තවත් නඩුවක්

( මනෝප්‍රිය ගුණසේකර)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් ඇතිවූ පාරිසරික හා විවිධ ක්ෂේත්‍රයන් සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 6.4ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා පරිසර සංවිධානයක් කොළඹ වාණිජ මහාධිකරණයේ අද (19) නඩුවක් ගොනු කළේය.

‘වන අරණ’ පදනම ඇතුළු පාර්ශවකරුවන් හතරක් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු, එම නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම” එම නෞකාවේ රක්ෂණකරු, ක්‍රියාකරු වශයෙන් කටයුතු කරන සමාගම් 08 ක් නම් කර ඇත.

‘එක්ස්ප්‍රස් පර්ල්’් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් නෞකාවේ තිබූ ඉන්ධන සහ නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීමෙන් විශාල සාගර දූෂණයක් සහ රසායනික ද්‍රව්‍ය වාතයට මුසු වීමෙන් වායු දූෂණයක්ද සිදු වී ඇතැයි පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

විෂ රසායනික ද්‍රව්‍ය ජලයට මුසු වීමෙන් දැඩි පාරිසරික මෙන්ම ආර්ථික හානියක් ද මෙරටට වි ඇතැයිද මෙහි ප්‍රතිඵලයක් ලෙස ජලයේ ජීවත්වන කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වී ධීවරයින් විශාල පිරිසකට සිය ජීවනෝපාය අහිමි වී ගිය බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ මෙම අනතුරින් අගතියට පත් පාර්ශවයන්ට වන්දි ගෙවීමට වගඋත්තරකරුවන් බැඳී සිටින බවත් සඳහන් කරති.

නෞකා අතුරෙන් ශ්‍රී ලංකාව ඇතු`ථ තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.4 කට අධික වන්දියක් වගඋත්තරකරුවන්ගෙන් අය කර දෙන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

 



අදහස් (0)

ගිනිගත් නැවත තවත් නඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site