IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගිනිගත් නෞකාවෙන් ප්ලාස්ටික් ටෝන් 584ක් අහුලයි

(යොහාන් භාසුර)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේදී මුහුදු වැටුණු බහලුම්වල තිබූ ප්ලාස්ටික් කිලෝ 584,000 ක් (මෙටි්‍රක්ටොන් 584) උස්වැටකෙයියාවේ සිට සරක්කුකන්ද දක්වා වෙරළ තීරයෙන් එකතු කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

උස්වැටකෙයියාව සිට පමුණුගම සරක්කුකන්ද කැපුම්ගොඩ දක්වා කිලෝමීටර නවයක පමණ දුරකින් යුත් වෙරළ තීරය නාවික හමුදා නිලධාරීහූ පිරිසිදු කරති.

නාවික හමුදාව පසුගිය 26 වැනිදා සිට අද (02) දක්වා දින හතක් තුළ මෙම ප්ලාස්ටික් තොගය එකතු කර තිබේ. නාවික හමුදාවේ බටහිර විධානයේ සෙබළුන් 470 ක් සහ නිලධාරීහූ 15 ක් දිනපතා මෙම වෙරළ කොටස පිරිසිදු කිරීමේ කටයුතුවලට එක්ව සිටින අතර ඔවුහූ පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පිරිසිදු කිරීමේ නිරත වෙති.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව එම වෙරළ තීර පිරිසිදු කිරීමට කටයුතු කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මීගමුව වෙරළ තීරයේ පිරිසිදු කිරීම කඩිනම් කර තිබේ.



අදහස් (0)

ගිනිගත් නෞකාවෙන් ප්ලාස්ටික් ටෝන් 584ක් අහුලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site