
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා විසින් ගිනි කූරු 706900 ක් සහ ගම් කිලෝ 23 භාවිත කරමින් අවුරුදු අටක කාලයක් වැය කර නිර්මාණය කරන ලද අඩි 24 ක අයිෆල් කුළුණේ ආකෘතියට අවසානයේදී ගිනි කූරු වලින් සාදන ලද උසම නිර්මාණයට හිමි ගිනස් ලෝක වාර්තාව හිමිව ඇත.
රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා පැය 4000 ක කාලයක් වැය කරමින් අඩි 23.6 ක් උස මෙම අයිෆල් කුළුණේ ආකෘතිය නිර්මාණය කර තිබේ.නමුත් මෙම නිර්මාණය කිරීම සඳහා වෙළඳපොළේ මිලදී ගැනීමට නොමැති ගිනි කූරූ භාවිත කර තිබීම හේතුවෙන් මෙම නිර්මාණය ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සුදුසුකම් නොමැති බව ගිනස් ලෝක වාර්තාව පසුගිය බදාදා ප්‍රකාශ කළේය.
නමුත් ඊයේ(09) ගිනස් ලෝක වාර්තාව එම තීරණය ආපසු හරවමින් ගිනි කූරු වලින් සාදන ලද උසම නිර්මාණයට හිමි ගිනස් ලෝක වාර්තාව මෙම නිර්මාණයට ලබා දීමට තීරණය කර ඇත.
මීට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කියා තිබුණේ තවුෆික් තහෙර් නැමැති පුද්ගලයකු ගිනිකූරු මිලියන 6 ක භාවිත කරමින් නිර්මාණය කරන ලද අඩි 21.4 ක් උස අයිෆල් කුළුණේ ආකෘතියකටය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනිකූර අයිෆල් කුළුන