IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගෙදර රණ්ඩු කළොත් දෙන දඬුවම් වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2023-6-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එහෙත් එම සංශෝධන මගින් පනතේ වගන්ති වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කිරීමට සිදුවන බැවින් පොදු මහජනතාවගේ පහසු අවබෝධය සඳහා දැනට බලාත්මක පනත පණිච්ඡින්න කර අදාල සියලු සංශෝධන ඇතුළත් කරමින් එම පනතේ වත්මන් නාමය යටතේම නව පනතක් පැනවීම යෝග්‍ය බව පෙනී ගොස් ඇතැයි  රජය කියයි.

ඒ අනුව කටයුතු කිරීමට හැකිවන පරිදි නව පනතක් කෙටුම්පත් කරන ලෙස නීති ගැටුම්පත් සම්පාදකට උපදෙස් වීම පිණිස කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ  යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



අදහස් (3)

ගෙදර රණ්ඩු කළොත් දෙන දඬුවම් වැඩි කරයි

මැටිමෝලා Tuesday, 26 March 2024 12:20 PM

අනේ හොදයි. මම දන්න කෙනෙක් ඉන්නවා. කඩේ ගිහින් පෙට්‍රල් බෝතලයක් ගෙනැත් භාර්යාවගේ ඇගට වත් කරලා ගනි තියන්න හැදුවා. ළමයා ගිනි පෙට්ටිය කැලයට විසි කළ නිසා බේරුනා අම්මාව. හෙන ගහන අපරාධ. නමුත් මව සිය ස්වාමි පුරුෂයා පොලිසියට ඇල්ලුවේ නෑ. මනුස්සයා බිව්වාම හොයන්න බෑ. එදාත් බීලා ඉදලා තීන්නේ. මත්පැන් නිසා ගොඩක් කාන්තාවන් ප්‍රශ්නවල. නමුත් පවුල රැක ගන්න සත්‍ය වහනවා. මේවාට නීති ගෙනා පමණින්ම විසදන්න බෑ. මනෝ වෛද්‍ය උපදේශනය අත්‍යාවශ්‍යයි. ගොඩක් අයගේ ළමා කාල (ඉහත පුරුෂයා ඇතුළුව) වලදී සිදු වුණ පවුල් භීෂණය මේවාට හේතු බව මා අදුනන ඔහුවත් අදුනන මනෝ වෛද්‍ය විද්‍යාව දන්නා කෙනෙක් කීවා. මේවා කලු සුදු ප්‍රශ්න නොවෙයි. ඉතාම සියුම්ව විසදිය යුතු දේවල්. නමුත් නීතිය අත්‍යාවශ්‍යයි.

:       1       27

abeygunasekarasampath95 Tuesday, 26 March 2024 07:02 PM

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පනත වෙනස් කිරීමට වඩා දික්කසාද නීතියේ සංශෝධනයයි වැදගත්... දැනට තියෙන ක්‍රීඩාංගණ 3ට අමතරව කෘර ලෙස සැලකීම මත ඩිවෝස් එක කෙටි කාලයකින් ලබා දීමට කාර්ය පටිපාටිය ලිහිල් කළා නම් නරකද?

:       0       0

පිටරටවැසියා Wednesday, 27 March 2024 11:57 AM

දියවන්නාවේ මිරිස් කුඩු ගහන, පුටු කඩන, ඇට මිරිකන කට්ටියට මුකුත් කරන්න නීති හදන්නෙ කවදාද? ඒ පැත්ත හරියට මුදා නොගත් ප්‍රදේශයක් වගේ රටේ කිසිම නීතියකට යටත් නෑ. රටේ ජනතාවගේ බදු මුදලින් තනිකරම කෙළින්නේ පිස්සු. ඒ මදිවාට රටට, ජනතාවට දාන පාට්වල නම් කිසි අඩුවක් නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site