(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ගත වූ පැය විසි හතරක් තුළ නව ආසාදිතයන් 554 දෙනකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතෙන් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50,733 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට 27 වැනිදා වන විට මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25,224 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11,417 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 14,313 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී තිබේ.
ගෙවී ගිය පසුගිය පැය 24 ක කාලය තුළ මධ්‍යම පළාතෙන් හඳුනාගත් නව ආසාදිතයන් 554 දෙනාගෙන් ආසාදිතයන් 287 දෙනකු මහනුවරින් ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 184 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 83 දෙනකු වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 1364 ක් 27 වනදා දක්වා වාර්තා වී තිබිණ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.