(අංජුල මහික වීරරත්න)
"ගීතයෙන් ජීවිතය විඳගන්න එන්න" යනුවෙන් සඳහන් කරමින් ටිකට් පත් විකිණූ නිට්ටඹුව හොරගොල්ලේ සංගීත සංදර්ශනයක් නොපවත්වා ටිකට් පත් ගාස්තු ද නැවත නොගෙවීම නිසා නරඹන්නෝ දැඩි අපහසුතාවයට පත් වූහ.
රුපියල් 5000 සහ 2000 මිල ගණන් වලට මෙම ප්‍රසංගයේ ටිකට් පත් අලෙවි කර තිබිණි.
මාර්තු 23 වැනිදා හවස 6.30ට හොරගොල්ලේ උත්සව ශාලාවක ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබූ අතර ප්‍රසිද්ධ නිවේදකයකු සංගීත ගීත ප්‍රසංගය මෙහෙයවන බවත් ප්‍රසිද්ධ ලේඛකයකු ගීත විචාර කරන බවත් ටිකට් පතේ සඳහන් වී තිබිණි.තරුණ ගායක ගායිකාවන් හතර දෙනකු එහි ගීත ගායනයට සහභාගී වන බවද සඳහන් විය.
සවස 6.30ට පටන් ගන්නා බව කියූ ප්‍රසංගය පැය දෙක තුනක් ඉකුත් වීමෙන් පසුවත් පටන් ගන්නා බවක් නොදුටු හෙයින් නොසන්සුන් වූ ප්‍රේක්ෂකයන් ටිකට් පත් වල මුදල් ඉල්ලූ විට සංවිධායකයා පවසා ඇත්තේ එලෙස මුදල් දීමට නොහැකි අතර ගිණුම් අංක ලබාදී පිටත්ව යන ලෙසයි.
ගායක ගායිකාවන්ට මුදල් ගෙවීම් ප්‍රශ්නයක් නිසා ඔවුන් එහි ගීත ගායනය ප්‍රතික්ෂේප කර තිබූ බව දැනගන්නට ඇති අතර අවසානයේ ගීතයෙන් ජීවිතය විඳගන්නට පැමිණි ජනතාවට හිස් අතින් ගෙවල්වලට යන්නට සිදුව තිබේ.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගීතයෙන් ජීවිතය විඳින්න කතා කර පොකැට් එකට විදලා