(ඩී.ජී.සුගතපාල,ලලිත් චාමින්ද සහ සුසිල් ප්‍රියන්ත)
ගිංතොට පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදි අද සිදු වූ දුම්රිය අනතුරකින් තරුණයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුනු කුමාරී සිඝ්‍රගාමී දුම්රියේ එම යතුරු ගැටී ඇති අතර යතුරු පැදියෙ ගමන් ගත් තරුණයන් තිදෙනාම මිය ගිය බව ගාල්ල පොලිසි අධිකාරි කාර්යාලය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තෙලිකඩ පොලිස් වසමේ කැකිල්ල මන්ඩිය පදිංචි විසි හැවිරිදි තරුනයන් තිදෙනෙකි.
ඔවුන් අද සවස යතුරුපැදියෙ ටයරයක් මාරු කර දන්සල්වලට යාම සදහා යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවූ තැනම එක් තරුණයකු මිය ගොස් සිටි බවත් අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බවත් පොලිසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගිංතොටදී තරුණයෝ තිදෙනෙක් දුම්රියට බිලි
උධුලි Friday, 24 May 2024 02:29 AM
සොයුරනි, ඔබලාට මරණයක් නැති නිවනම අවබෝධ වේවා...!
ලසන්ත Friday, 24 May 2024 05:47 AM
යතුරු පැදිය හදලා තියෙන්නේ දෙදෙනෙකුට මිස තුන් හතර දෙනෙකුට යන්න නොවෙයි කියලා තේරුම් ගන්න තුරු මෙහෙම අනතුරු වළක්වන්න බැහැ. තිදෙනෙකුට හෙල්මට් දාගෙන යන්නත් බැහැ. දඩ කොලයේ මේවාට දඩයක් නැහැ. එ නිසා අල්ලන්නේ නැහැ. (ඒත් ටාටා සමාගමේ සභාපති පවුලේ මව පියා හා කුඩා දරුවෝ දෙන්නෙක් සමග යද්දී පැය ගණනක් ට්‍රැෆික් එකකට හසුවී වැස්සේ තෙමෙනවා දුටු නිසා 4 දෙනෙකුට යාමට ටාටා සමාගම අඩුම මිලට තියෙන කාරයක් නිපදවීම කළා කියලා අහලා තියෙනවා)
ජගත් ලියනගේ Friday, 24 May 2024 10:21 AM
තරුණ ජීවිත මොනතරම් අනාරක්ෂිත ගේට්ටු නිසා මිය ගිහිල්ලා ඇත්ද? මොනතරම් අපරාධයක්ද ඒක? බලධාරීන් ඇයි මේ ගැන සොයාබලා තීරණයක් ගන්නේ නැත්තේ?