(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
‘ගෝඨා ගෝ ගම’ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය පියවර ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම අරගල භූමියේ සක්‍රීය අරගලකරුවකු වන සිවිල් ඉංජිනේරුවකු විසින් ගොනු කෙරුණූ මූලික අයිතිවාසකම් පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) ප්‍රතික්ෂේප කළේය.
මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ එල්. ටී. බී. දෙහිදෙණීය සහ ඒ. එච්. එම්. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණී.
සිවිල් ඉංජිනේරු මෙහොමඩ් හුස්ලි හමීන් මහතා විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින්නේ නිතිපතිවරයා, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ය.
මෙම පෙත්සම ඊයේ (1) සළකා බැලූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙනී සිටි රජයේ නිතීඥ ෂමීන්ද්‍ර වික්‍රම මහතා ප්‍රකාශ කර සිටියේ ‘ගෝඨා ගෝ ගම’ අරගලයට මේ වන විට දින 50ක් ඉක්මවා ඇති බවත් එය සාමකාමීව සිදුවන උද්ඝෝෂණයක් වන බැවින් කිසිදු ආකාරයකට රාජ්‍ය බලය යොදා මර්දනය කර නොමැති බවත් ය.
නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සහ විරෝධතා පැවැත්වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස රජය පිළිගන්නා අතර, මෙම අරගල භූමියේ ඇති අට්ටාල සහ වෙනත් ඉදිකිරිම් හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන්වලට මෙන්ම ජනාධිපතිවරයා ඇතු`ථ ජනාධිපති ලේකම්කාර්යාලයේ කාර්යමණ්ඩලයට රාජකාරියට පැමිණීමේ අවහිරතා ඇති වන බව රජයේ නිතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් පසු මෙම පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගෝඨා ගෝ ගම ඉවත් කිරීම වළක්වාලන අයිතිවාසිකම් පෙත්සම ඉවතට
කිරි පුතා Thursday, 02 June 2022 07:57 PM
අරගලකරුවන් හඳුනාගන්න පුළුවන්නේ...
ඩි සිල්වා Thursday, 02 June 2022 08:53 PM
අනේ ...පව්!
Bamunuarachchi Thursday, 02 June 2022 09:28 PM
මොවුන්ට පිනට කන්න දෙන අය සොයා බලන්න. ඔවුන්ට මුදල් ලැබෙන්නේ කාගෙන්ද කියා සොයා බලන්න...
Bamunuarachchi Friday, 03 June 2022 11:15 AM
දැන් ගෝඨාගෝ ගම කුඩු පට්ටම් කර දමා කොල්ලෝ කෙල්ලෝ ගෝ හෝම් කියා එලවා දමන්න..
SUNIL MILANO Friday, 03 June 2022 11:56 AM
මේ අරගලකරුවන්ගෙන් මොකක්ද සිදුවන සේවය..? අරගලය මව්බිම වෙනුවෙන් නම් කළයුත්තේ රට වැටී තිබෙන තැනින් ගොඩගැනීමට උදව් කිරීමයි. මෙයාලා ඉටුකරන්නේ එන්.ජී.ඕ. ඩයස්පෝරාව ජෙප්පන් කියන පදයට නැටීමයි.