IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා

(අංජුල මහික වීරරත්න)

රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂය සුදානම් වනවිට තමන් ඊට විරුද්ධ වූ බවත් එහෙත් පොහොට්ටුව ඊට කන්නොදුන් බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.

රනිල් ජනාධිපති කළේ පොහොට්ටුවේ නායකයින් මිස තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නොවන බව පෙන්වා දුන් ඇමතිවරයා තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළේ ඊට සහාය ලබා දීම බවද කියයි.

තමන් රනිල්ට කඩේ නොයන බවත් තමන් කඩේ යන්නේ මේ රටේ ජනතාවට පමණක් බවද ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

උඩුගම්පලදී අද (30) පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය.



අදහස් (11)

ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා

Chandana Tuesday, 30 April 2024 10:41 AM

බල්ලෝ බිරුවත් ,තවලම ගමනේ යනවා

:       2       28

මහසෙන් Tuesday, 30 April 2024 11:01 AM

අනේ මෙච්චර කල් කොරපුවා තමා අපේ දෙපිටින් ගිහින් තියෙන්නේ ,තොපි මොන ජාතකේ පෙන්නගෙන ආවත් මේ පාර ජෙප්පොන්ට තමා ඡන්දෙ.පොඩ්ඩක් ඉවසලා හිටපන් ඡන්දේ තියනකන්...

:       12       41

Rifan Tuesday, 30 April 2024 11:02 AM

අද මෙයාලා අපිට බබා

:       4       17

ලුම්බිණි Tuesday, 30 April 2024 11:09 AM

ඔය බණද කියන්නේ?

:       3       28

lakshana Tuesday, 30 April 2024 11:17 AM

දෙවන තුන්වන මට්ටමේ නායකයන් පලවෙනි මට්ටමට ගෙන එමෙන් ජනමාධ්‍ය රටට කරන්නේ බරපතල වැරද්දක්.

:       2       25

ajith Tuesday, 30 April 2024 11:21 AM

චන්දෙ ඉවර උන ගමන් ඇතුලට යන්න බලන් ඉන්නකෝ

:       3       27

ගමේ එකාලා Tuesday, 30 April 2024 11:43 AM

අත්දැකීම් ඇති පරිණත දූෂිත බලලෝබි නායකයා .ආසියාවේ ආශ්චර්යය පෙන්වන්ඩ ඇවිත් රටම බන්කොලොත් කෙරුවා .නොකියා කියන්නේ රනිල්ට චන්දෙ දෙන්ඩ කියන එක..පොහොට්ටුවෙ ඉන්න දූෂිත දේසපාලුවන්ට දෙයියනේ කියලා යහතින් ඉන්ඩ බැරියැ.

:       3       25

Dharmatileke Tuesday, 30 April 2024 11:49 AM

ගෙදර යවන ලැයිස්තුවේ රනිල්ට යටින් තියෙන්නේ මෙයාගේ නම

:       3       21

sam Tuesday, 30 April 2024 12:38 PM

මෙන්න මෙයා ජනතාවට කඩේ යනවාලු...

:       1       14

උපාසක Tuesday, 30 April 2024 01:44 PM

ඡන්දෙන් රනිල් පැරදුනාම කියයි මං රනිල්ට දෙනවට තදින්ම විරුද්ධ වුණා මේ පොහොට්ටුවේ උන් ඒක ඇහුවේ නෑනේ කියලා. අපි නොදන්න ප්‍රසන්න.... වාසි පැත්තට හොය්යා.... දැන් ඉතිං මොන කථා, මොන රඟපෑම් කෙරුවත්ඕවට අහුවෙන මොන්ටිසෝරි ළමයෙක්වත් නෑ කියලා කට්ටියම මතක තියාගන්න. ඔබලා මේ සෙල්ලම් කරන්නේ, ඔබලා සුරසැප විඳින්නේ, දුක් විඳලා මිනිස්සු හොයන මුදල් වලින් කියලා. ඕවට මෙහිදී නිසි දඬුවම් නොලැබුනත් හරියටම නඩු අහලා නිසි දඬුවම් ලැබෙන දවසක් එනවා.

:       1       14

Prabha Tuesday, 30 April 2024 01:44 PM

බාර් ලයිසන් එකට ඔච්චර බුරනවා නම් කාර් පර්මිට් එකකුත් දුන්නොත් කොහොම තියෙයිද?

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site