IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ගෝඨාට ලියුමක් ලියලා ඉල්ලපු දේ සජිත් හෙළිකරයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබා ගැනීමට ඉල්ලුම්පතක්  කිසිදිනක ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

"මම කිසි දවසක අගමැතිකම දෙන්න අර තනතුර දෙන්න කියලා  එතුමට  ලියුම් ලිව්වෙ නෑ. ඒ වගේම තනතුරු ඉල්ලගෙන වන්දනාවේ ගියෙත් නෑ යැයිද  ඔහු සඳහන් කළේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

තමා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙයට පෙර  ලියූ ලිපියක් ගැන මේ සභාවේ ඊයේ කතා කෙරුණු බවත් තමා එම ලිපිය ලිව්වේ  තමාගේ තනි තනිමතයට නොව පක්ෂයේ සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට  ගෙන ඔවුන්ගේ අවබෝධයෙන් බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා අගමැති ධූරය බාර ගන්නැයි තමාගෙන් පුන පුනා ඉල්ලීම් කළ බවත්  ඒ අවස්ථාවේදී ඔහුට ලිඛිතව පිළිතුරක් යැවූ බවත්  විපක්ෂනායකවරයා කීවේය.

ඒ අවස්ථාවේදී අන්තර්කාලීන කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කොන්දේසි හතරක් ඉදිරිපත් කළ බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා නිශ්චිත කාලයක එහි එක් කොන්දේසියක් බව ප්‍රකාශ කළේය.

එසේම සියළු සියලු පක්ෂ වල එකගතාවයෙන් දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා සියලු පක්ෂවල සහය ඇතුව කටයුතු කිරීම, ජනතාවට ස්ථිර විසඳුමක් ලබාගැනීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක්  ලබාදීම අනික් කොන්දේසි බවද  ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (5)

ගෝඨාට ලියුමක් ලියලා ඉල්ලපු දේ සජිත් හෙළිකරයි

kamal Friday, 25 November 2022 10:43 AM

මේ උත්තමයා ලියුම් කරදහිය එයාගේ ඉංගිරිස් වලින් ලියන්න ඇති ඒක තමයි අගමැති කම ගහලා ගියේ.

:       0       67

මහසෙන් Friday, 25 November 2022 11:11 AM

බලන්‍ යනකොට මෙයා වගේ පිවිතුරු නිකලැල් දේශපාලන චරිතයක් මේ මිහිතලයෙම නෑනේ. කිසි දෙයක් ඉල්ලලා නැ. හොරකම් නෑ. මැරකම් නෑ. සියල්ල දන්නවා. ඒ උනාට අපිට මතකයි භාර ගන්න කීවම තටම තටම ඉදලා වටේ ගිහින් ලියුම් දෙකක්ම යැවූවා කියලා.

:       3       67

SaththayaFriday, 25 November 2022 09:59 PM

ඉස්සෙල්ලා මෝඩ කමට බැහැ කියල කෙනෙකුට අගමැතිකම දෙන්න යනවා කියලා දැනගත්තා විතරයි පෙරේතකමට ලියුම් ලියලා දැන් ටොම් පච කියලා , සුදනා වෙන්න යනවා. ඒ එක්කම මිනුස්සු කොච්චර නොකා නොබී දුක් වින්දත්, උත්සාහ කරන්නේ ඡන්ද තියලා ලොක්කා වෙන්න .

:       0       0

wedage Friday, 25 November 2022 12:08 PM

ඉතින් කොන්දේසි විරහිතව බාරගන්න කෙනෙක් හදලා තිබුණනේ අපේ කට්ටිය...

:       3       15

Udugammpola Friday, 25 November 2022 02:31 PM

දැන් කෙකර ගාන්න එපා... අපූරුවට අගමැතිකම ගන්න තිබුණු වෙලාවේ කෝඳුරුතෙල් හත්පට්ටයක් ඕනෑ කීවා. යකෝ මොනවා වෙන්න හරි ගන්න තිබුණානේ. වැඩ පෙන්නන්න. දැන් බොරු ෂෝ දාන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site