(සුමිත් පොතුපිටිය)
යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසු පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සහ යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ රෝහල් ගතකර ඇත්තේ පානදුර කොට්ඨාස රථවාහන අංශ නිළධාරීන් දෙදෙනෙකු සහ යතුරුපැදියේ පැමිණි පානදුර අවට පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.
පහරකෑ පොලිස් නිළධාරීන් දෙදෙනා මධ්‍යම රාත්‍රි 12.10 ට පමණ පානදුර වලාන පාළම ආසන්නයේ රථවාහන අංශ රාජකාරි යෙදී සිට ඇති අතර , මොරටුව දෙසින් පානදුර දෙසට යතුරුපැදියකින් තිදෙනෙකු පැමිණ ඇති අතර , එය නවතා පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ පැමිණි දෙදෙනා කලහකාරී අන්දමින් හැසිරී ඇති බව සදහන් වේ.
පසුව යතුරුපැදියෙන් පැමිණි අයෙක් පොලිස් නිළධාරීයෙකුට පහරදී ඇති බවත් , ඉන්පසු දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් සදහන් වේ.
පසුව පොලිස් නිළධාරීන් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , එක් අයෙකු පලාගොස් ඇති බවත් පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුටි බැට හුවමාරුවකින් පොලීසියේ දෙකක් ඇතුළු හතරක් රෝහලේ
Hamantha dissanayaka Tuesday, 13 February 2024 01:36 PM
පොලිසියේ රාජකාරි වලට බාධා කරමින් රටේ ආරක්ෂාවට ඉන්න නිලධාරීන්ට පහර දෙන මුන් එල්ලුම් ගස් යැවිය යුතුයි, නිලධාරීන් තුල වරදක් නැතිනම්