(සමිත් බෝධිපක්ෂ චීනයේ බෙයිජිං නුවර සිට)

ලෝකයේ රටවලට දැන් අවශ්‍ය වන්නේ බෙදීම් හෝ ගැටුම් නොව සහයෝගිතාව සහ සම්බන්ධීකරණය බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අද (29) චීනයේ බෙයිජිංහිදී ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති සහකාර ජේක් සුලිවන් මහතා හමුවෙමිනි.
මිනිසුන්ට අවශ්‍ය වන්නේ විවෘතභාවය සහ ප්‍රගතිය මිස බැහැර කිරීම හෝ පසුබැසීම නොවන බවද චීන ජනාධිපතිවරයා කියා සිටියේය. ලෝකයේ ප්‍රධාන රටවල් දෙකක් ලෙස චීනය සහ ඇමෙරිකානු එක්සත් ජනපදය ඉතිහාසයට, ජනතාවට සහ ලෝකයට වග විය යුතු අතර, ලෝක සාමය සඳහා ස්ථාවර මූලාශ්‍රයක් විය යුතු බවද ඔහු කීය.
චීන - ඇමෙරිකා සබඳතාවෙහි සහ දෙරට අතර සාධනීය වෙනස්කම් රැසක් සිදුව ඇතැයි පෙන්වාදුන් ෂී ජින්පින් මහතා, ස්ථාවර, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර චීන-ඇමෙරිකා සබඳතා පවත්වාගැනීමේ ඉලක්කය වෙනුවෙන් චීනයේ කැපවීම නොවෙනස්ව පවතින බවද සඳහන් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපද පාර්ශ්වයද එලෙසම ක්‍රියා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද මෙහිදී චීන ජනාධිපතිවරයා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ චීනය සහ එහි සංවර්ධනය පිළිබඳ ඇමෙරිකාව ධනාත්මකව බලනු ඇති බවටත්, දෙරටෙහි සංවර්ධනය අභියෝගයකට වඩා අවස්ථාවක් ලෙස සලකනු ඇති බවටත් විශ්වාස කරන බවය.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැටුම් එපා: චීන ජනපති ඇමෙරිකාවට කියයි