(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අම්පාර ඉගිනියාගල දේවාලහිද, අළුත්ඇල ප්‍රදේශයේ දී ගජමුතු 76 ක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම ගජ මුතු එකක් ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා මිලකට අලෙවි වන බව තහවුරු වී ඇත. මෑත කාලීනව අත්අඩංගුවට ගත් විශාලතම ගජමුතු තොගය මෙය වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර දේවාලහිද ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 67 ක පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉගිනියාගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ලෝකයේම සිටින ඇතුන්ගේ ජීවිත මේ ගජමුතු නිසාවෙන් විනාශ වන බවත් ඇතුන් ඝාතනය කර මෙම ගජ මුතු ලබා ගැනීම මුළු මහත් ජෛව පරිසර පද්ධතියටම කරන මහත් විනාශයක් බව සත්වවේදීහු කියති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගජමුතු 76 සමග 67 හැවිරිදි අයෙක් මාට්ටු