IMG-LOGO

ගජමුතු විකුණන්න ගිය 5 ක් මාට්ටු

( තිලකරත්න දිසානායක)

ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානමින් සිටි බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සහ  විකිණිමට සූදානම්කර තිබු ගජමුතු සිය බාරයට ගැනීමට ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව ඇත. 

රුපියල් ලක්ෂ 38 කට මෙම ගජමුතු අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

ගජමුතු දෙකක් අලෙවි කිරීමේ සූදානමක් පවතින බවට ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශයට ලද තොරතුරක් මත එම අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂාවක් මත ගම්පහ  - පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ විහාරස්ථානය අසලදී සැකකරුවන් පස් දෙනා අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි. 

මොවුන් මහව , ගම්පහ සහ අරනායක යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 35 - 45 අතර වයසේ පසුවන්නන් බවද පොලීසිය කියයි. 

ගැනුම්කරු පැමිණෙන තෙක් විහාරස්ථානය අසල සැකකරුවන් රැඳී සිටි බව මොවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත. සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

 



අදහස් (0)

ගජමුතු විකුණන්න ගිය 5 ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site