



(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරෝෂණ පෙරේරා)
කළු ගඟ ඔස්සේ රතඔඇල්ල දක්වා 'ගඟේ පෙරහර' පවත්වා දිය කැපීමෙන් අනතුරුව, මෙවර සමන් දේවාලයේ ඇසළ පෙරහර අද(03) නිමාවට පත් වූ බව බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා පැවසීය.
දිය කැපීමේ චාරිත්‍රයට සහභාගී වූ සමන් දේවාලයේ රාජකාරිකරුවන්, කපු මහතුන් මෙන්ම ගම්වාසීන් ද ඔරු අඟුල්වලින් කිලෝමීටර 6ක් පමණ දුර කළු ගඟ ඔස්සේ පැමිණීම 'ගඟේ පෙරහර' ලෙස හඳුන්වයි. සබරගමුවාසීන් මහත් භක්තියෙන් සලකන මෙම ගඟේ පෙරහරට ගම්වාසීන් ඔරු අඟුල් යොදවා තිබුණි.
එවැනි ආගමික පෙරහැරක් ශ්‍රී ලංකාවේ සිදුකරන එකම අවස්ථාව සබරගමු මහා සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය පමණි.
සබරගමුව මහ සමන් දේවාලයේ ප්‍රථම ජාතික පෙරහර උළෙල, චාරිත්‍ර සහ සංස්කෘතික වටිනාකම්වලට මුල් තැන දෙමින් සෞඛ්‍ය උපදෙස් පරිදි මෙවර පැවැත්වීමට කටයුතු කර තිබුණි. අගෝස්තු 29 වන දින ආරම්භ වූ සමන් දේවාලයේ රන්දෝලි පෙරහර ඊයේ (02) රාත්‍රියේ දී නිමාවට පත්විය.
ගඟේ පෙරහර සඳහා රජය නියෝජනය කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි සහ රත්නපුර දිසාපති මාලනී ලොකුපෝතාගම යන මහත්මීහු එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
165
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ගඟේ පෙරහර’ පවත්වමින් දියකැපීමේ චාරිත්‍ර ඉටුකරති