(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අළෙවි කරන ඉන්ධන වර්ග පහෙන්ම ලාභ ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා පවසයි.
එම සංස්ථාව ලංකා සුපර් ඩීසල් ලීටරයකින් ශත 78 ක ලාභයක් ලබන බවත් භූමිතෙල් ලීටරයකින් ශත 61 ක්, ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 60 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 15 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 14 ක් ලෙස ලාභ ලබන බවත් අමාත්‍යවරයා කියයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 163.41ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 144.50 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 130.44 ක්, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 107.47 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 3.15 ක් ලෙස බදු අය කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන පහෙන්ම ලාභ
JASON Wednesday, 06 March 2024 02:00 PM
කළින් නම් පෙට්‍රල් වල රුපියලක පාඩුවක් තිබ්බා. ඒකත් අපි හරිගස්සලා දුන්නා.
Lakmal Wednesday, 06 March 2024 02:02 PM
කාංචන... තෙල් සංස්ථාව පිහිටවූයේ ලාබ ලබන්න නෙවෙයි. මිනිස්සුන්ට තෙල් ටික හරියට දෙන්න. ඒක ඔබලා දෙතුන් දෙනෙක්ගේ වුවමනාවට හොරගුහාවක් කරන් ඉන්නේ...
Asitha Wednesday, 06 March 2024 02:27 PM
පෙන්වන්න හදන්නේ මෙච්චර ලොකු මිලකට අපිට තෙල් දුන්නත් පොඩි ලාබයයි තියාගන්නේ කියලා, හැබැයි මේ පොහොට්ටුවෝ රුපියල කඩාවැට්ටුවේ නැත්නම් අපි තවමත් මේ වගේ 3ගුණයක් අඩුවෙන් ගෙවන්නේ..!
de silva Wednesday, 06 March 2024 02:34 PM
පැහැදිලි මිල සූත්‍රයක් සකස්කොට එක ක්‍රියාත්මක කරානම් ප්‍රශ්නේ ඉවරනේ? හැමදාම මේ ගැන වාදවිවාද කරමින් කාලය ගතකිරීම නිෂ්ඵල ක්‍රියාවකි. එමනිසා දිනෙන් දින ඔබගේ මනාප ගොඩ අඩුවන බවත් දිනෙන්දින වැඩෙන ජනතාවගේ වෛරය පිපිරී ගොස් ඔබට ඉදිරියේදී විශාල ප්‍රශ්නයක මුණ දෙන්න සිදුවිය හැකිබව තේරුම් ගන්න.
Nimal Wednesday, 06 March 2024 05:50 PM
ඡන්දෙ අතළඟ බව දැන් විශ්වාසයි. සිංහ වෙස් ගත් අයත් බලුවෙන කාලයයි මේ...!