
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය ලැබූ සමාගම ශ්‍රී ලංකා ආණ්ඩුවේ අවසරකින් තොරව වෙනත් සමාගමකට බොරතෙල් සැපයීමේ අවස්ථාව දී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව එම දෙවැනි සමාගමෙන් බොරතෙල් ලබාගෙන ඇති බවත් ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරයි.
අදාල දෙවැනි සමාගමෙන් බොරතෙල් මිලදීගැනීමට නීතිපතිවරයා සහ බොරතෙල් මිලදී ගැනීමේ විශේෂ ප්‍රසම්පාදන කමිටුව විරෝධය දක්වා ඇති බවත් එම දෙවැනි සමාගමෙන් බොරතෙල් මිලදීගැනීමට ඛනිජ තෙල් අමාත්‍යංශය නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් වෘත්තීය සමිති හෙළි කරයි.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොරල් එනර්ජි සමාගමට මෙම වසරේ පළමු මාස හතරේ බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය පිරිනමා තිබූ බව කියන වෘත්තිය සමිති පසුගිය මාර්තු 25 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බොරතෙල් නැව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේම ‘පොන්ටස් ටේ්‍රඩින්’ නැමැති සමාගමකින් සපයා ඇති බව ද සඳහන් කරයි.
බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය ලැබූ සමාගම හැර වෙනත් සමාගමකින් බොරතෙල් මිලදීගැනීම නීතිවිරෝධී බව කියන වෘත්තිය සමිති පවසන්නේ අදාල කොරල් එනර්ජි සමාගම වෙනත් සමාගමකට බොරතෙල් සැපයුම මාරු කිරීමට ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා තිබුණ ද අවසර නොලැබුණු බවත්ය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඛනිජ තෙල් සමාගම නොදන්වා සැපයුම්කරු මාරු කරලා