IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඛනිජ තෙල් පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) දැනුම් දුන්නේය.

පනත් කෙටුම්පතේ 3(2) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට නොගැලපෙන බවත්  එය සම්මත කළ හැක්කේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයේ විධිවිධාන යටතේ  විශේෂ බහුතරයෙන් පමණක්  බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වන්නේ යැයි  කතානායකවරයා පැවසුවේය.

පනත් කෙටුම්පතේ 7 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 (ඇ) වගන්තිවලට නොගැලපෙන බවත් 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයේ විධිවිධාන යටතේ  විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කළ හැකි බවත් එහි සඳහන් වේ.

එසේම  තවත් වගන්ති කිහිපයක් ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබිය  යුතුය  යනුවෙන්ද  ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වේ.

මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට නොගැලපෙන  බවද සඳහන් වේ.



අදහස් (0)

ඛනිජ තෙල් පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site